ලෙබනනයේ දකුණු බීරුත් හි හිස්බුල්ලා පාලන ප්‍රදේශයක් වෙත අද (2) ඊශ්‍රායල හමුදා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළහ.
ඊයේ (1), ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ඝාතනයට පලි ගැනීමේ චේතනාවෙන් හිස්බුල්ලා කල්ලිය ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායල හමුදා එම පහරදීම් සිදු කළහ.
බීරුත් සිසාරා පිපිරුම් හඬ රැසක් ඇසුණු බව වාර්තා වේ.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අතර ගැටුම මෑත කාලීනව මුලින් ආරම්භ වූයේ 2024දී ය. දකුණු බීරුත් හි දහියේ කලාපය අද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය විය. නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නයටද ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළහ.
ඉරාන සහාය හිමි හිස්බුල්ලා සංවිධානයට මෙම යුද්ධයට සම්බන්ධ වීමට ඉඩ නොතබන බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
(සටහන Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
2/3/2026
මුලාශ්‍රය :
Israel strikes Beirut's southern suburbs after Hezbollah attacks







