leader s

ඇමරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය වාර්තා කරයි.

ඉරාන රජයේ ප්‍රෙස් ටීවී (Press TV) නාලිකාව සඳහන් කළේ, මෙම ප්‍රහාරයෙන් පසු ඇය "ප්‍රාණපරිත්‍යාගීත්වයට" (Martyrdom) පත්ව ඇති බවයි.

බගර්සාඩේ කෝමා තත්වයේ පසුවන බව ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.

පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 28) එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, දියණිය, බෑණා සහ මුණුබුරාද මින්පෙර ජීවිතක්ෂයට පත්විය.

කමේනි සහ ඔහුගේ බිරිඳට පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටිති.

 




මුලාශ්‍ර :

Who was Mansoureh Khojasteh Bagherzadeh? Ayatollah Khamenei's wife ‘attained martyrdom’ amid US-Israel attacks

Khamenei’s Wife Dies From Injuries Sustained in U.S.–Israeli Attack, State Media Says

Iran supreme leader’s wife killed in US-Israeli airstrikes - state media


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්