leader s

* හමුදා ක්‍රියාකාරකම් පෙන්නුම් කරන්නේ ට්‍රම්ප් ඉරාන ගොඩබිම් මෙහෙයුම් සලකා බලමින් සිටින බවයි.


එක්සත් ජනපදය ගොඩබිම් හමුදා මෙහෙයුම් සඳහා සහාය ලබා දීමට අත්‍යවශ්‍ය වන හමුදා උපකරන මැද පෙරදිගට ගෙන යමින් සිටී.

හෝමූස් සමුද්‍ර සන්ධිය සුරක්ෂිත කිරීම සඳහා ඉරානයේ භූමියට එක්සත් ජනපද හමුදාව යෙදවීමේ විභවය පිළිබඳ පැහැදිලි ලකුණක් මෙම ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි වන බව 'අල් ජසීරා' හි කිම්බර්ලි හැල්කට් පවසයි.

ඉරාන තෙල් වෙලදපලට

* ඉරාන තෙල් නැව්වලට පටවා ඇති එක්සත් ජනපදය සම්බාධක ඉවත් කරයි.

(ජෝන් හෙන්ඩ්‍රන් විසිනි)
එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හි සිට.


ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ එය අනෙකුත් නිෂ්පාදන සඳහා ගෙන එන පිරිවැය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය විවේචනයට ලක්ව ඇත.

ට්‍රම්ප් කිරීමට බලාපොරොත්තු වූයේ තෙල් සැපයුම වැඩි කිරීමයි.

oil ship

මෙය භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කරන ලද දෙයක් වන අතර, එය ඉරාන සම්භවයක් ඇති තෙල් සඳහා සම්බාධක ඉවත් කරන අතර විශේෂයෙන් මුහුදේ නවතා ඇති යාත්‍රාවලට ප්‍රවාහනය සදහා අවසර ලබා දෙන්නේ ජාත්‍යන්තරව පවතින බල ශක්ති අර්බූදයට විසදුම් වශයෙනි.

එයින් අදහස් වන්නේ යාත්‍රාවකට ඉරාන තෙල් රැගෙන ගොස් එය විකිණීමට හැකි බවයි.

ඉන්දියාවේ රෙදිපිළි කර්මාන්තශාලා වැසේ

* ඉන්දියාවේ ඉවුම් පිහුම් ගෑස් අර්බුදය නිසා රෙදිපිළි කර්මාන්තයේ සේවකයින්හට සේවාස්තානයෙන් පිටව යාමට බල කෙරෙයි.

Guj Suratlabourers 5col

ඉරාන යුද්ධයට සම්බන්ධ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අර්බුදයක් හේතුවෙන් ගෘහස්ථ ඉන්ධන සැපයුම අඩාල වීම නිසා, ඉන්දියාවේ රෙදිපිළි මධ්‍යස්ථානයක් වන සූරත් හි සේවකයින් දින ගණනක් ඉවුම් පිහුම් ගෑස් නොමැතිව ආපසු සිය නිවෙස් බලා යමින් සිටිති.

කර්මාන්ත වසා දැමීම්වලට මුහුණ දී සිටින අතර, බලධාරීන් නිවාස සඳහා ප්‍රමුඛතාවය දීම සඳහා හදිසි පියවර ගෙන තිබේ.

ඉරාන ප්‍රරහාරයන්ගෙන් හමුදා කදවුරුවලට ඩොලර් මිලියන 800 අලාභයක්...

* මැද පෙරදිග එක්සත් ජනපදය භාවිතා කරන කඳවුරුවලට ඉරාන ප්‍රහාර එල්ල කිරීමෙන් ඩොලර් මිලියන 800 ක හානියක් සිදුවී ඇති බව නව විශ්ලේෂණයකින් පෙන්නුම් කෙරේ.

UAE bomb

මැද පෙරදිග එක්සත් ජනපදය භාවිතා කළ හමුදා කඳවුරුවලට ඉරාන ප්‍රහාර එල්ල කිරීමෙන් යුද්ධයේ මුල් සති දෙක තුළ ඩොලර් මිලියන 800 (පවුම් මිලියන 600) ක පමණ හානියක් සිදු වූ බව නව විශ්ලේෂණයකින් පෙන්නුම් කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කිරීමෙන් පසු ඉරානය විසින් සිදු කරන ලද ආරම්භක පළිගැනීමේ ප්‍රහාරවලින් බොහෝ හානියක් සිදු වූ බව උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSIS) වාර්තාවකට සහ BBC විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව හෙලිදරව් වී ඇත .

sena suriyapperuma
( සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්