චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියාගෝ ගාර්ෂියා (Diego Garcia) කඳවුරට ඉරානය එල්ල කර ඇත්තේ, බැලස්ටික් මිසයිල 02ක් බව
එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන 'මෙහර්' අද (21) තහවුරු කළේය.
"සැලකිය යුතු ප්‍රහාරයක්...මින් අදහස් කරන්නේ ඉරානයේ මිසයිලවල පරාසය සතුරා කලින් සිතූ ප්‍රමාණයට වඩා වැඩි බව" යනුවෙන් එම ප්‍රවෘත්ති ඒජන්සියේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි මෙම දියේගෝ ගාසියා කඳවුර සැලකෙයි.
චාගෝස් දූපත් සමූහයේ (Chagos Islands) බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා කඳවුරු වලට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බවත්, එය ඉන් තම කඳවුරුවලට හානියක් නොවූ අමෙරිකාව තහවුරු කර තිබුණි.
අමෙරිකානු නිලධාරීන් 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' (The Wall Street Joual) පුවත්පතට පවසා ඇත්තේ, එම මිසයිල දෙකෙන් එකක්වත් කඳවුරට පතිත නොවූ බවයි.
එක් මිසයිලයක් යැවූ සැණින් අමෙරිකානු යුද නෞකාවක් මගින් විනාශ කර ඇති අතර, අනෙක් මිසයිලය ගුවනේදී අක්‍රිය වී ඇති බව සඳහන්.
බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරුවල සිට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාවට අවසර දීමෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත අවදානමට ලක් කරන බවට ඉරානය බ්‍රිතාන්‍ය අගමැතිවරයාට අනතුරු ඇඟවීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
දියාගෝ ගාර්ෂියා පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ වන අතර, එය ඉරානයේ සිට සැතපුම් 2,500ක් (කිලෝමීටර් 4,000ක්) පමණ දුරින් පිහිටා තිබේ.
ඉරානය සතුව මෙතරම් දුරකට විහිදිය හැකි මිසයිල පවතින බව මීට පෙර දැන සිටියේ නැති බව ඇමරිකානු නිලධාරීන් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා ඇත.
ශ්‍රීමත් කීර් ස්ටාර්මර් විසින් චාගෝස් දූපත් වල ස්වෛරීභාවය මුරුසියට පැවරීමට සාකච්ඡා කරමින් සිටියද, ගිවිසුමේ කොන්දේසි අනුව දියෙගෝ ගාර්ෂියා අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ කඳවුරක් ලෙස දිගටම පවති.
ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් 'අයිරිස් ඩෙනා' යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ලකළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බවටද තොරතුරු වාර්තා විය.
සබැඳි මුලාශ්‍ර :
Iran fired missiles at UK-US base on Diego Garcia, BBC understands
Iran fires missiles towards UK-US base on Diego Garcia
Iran fired missiles at Diego Garcia








