ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් (Natanz) පරිශ්‍රය ඉලක්ක කරගනිමින් යළිත් වරක්
ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් බරපතල උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කර සිටී.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ප්‍රහාරයෙන් පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලට අනුව විකිරණ කාන්දුවක් හෝ පාරිසරික හානියක් සිදුව නොමැති බව තහවුරු වී ඇත.
යුද්ධයේ පළමු සතියේදී ද මෙයට ප්‍රහාර එල්ල වූ අතර, එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි.
විදෙස් මුලාශ්‍ර :
Iran says US and Israel attacked Natanz nuclear facility
Iran war: Natanz nuclear facility hit by US, Israel — Tehran








