leader s

යුද්ධය අවසන් කිරීමට නම් මැද පෙරදිග කලාපයේ තිබෙන සියලු ඇමෙරිකානු කඳවුරු ඉවත් කරගත යුතු බවත්

නැවත ගැටුමක් ඇති නොවීම තහවුරු කළ යුතු බවටත් ඉරානයෙන් කොන්දේසි පනවා ඇත.

ඉරාන නිලධාරියකු උපුටා දක්වමින් මැද පෙරදිග රූපවාහිනි නාලිකාවක් වන අල්-මයදීන් [Al-Mayadeen] මේ බව වාර්තා කර තිබේ. ඉරානයේ ප්‍රෙස් ටීවී [Press TV] පුවත් ජාලය ද මේ බව වාර්තා කර තිබිණි. කලාපයේ තිබෙන අනෙකුත් ගැටුම් ද නැවැත්විය යුතු බවත්, විශේෂයෙන්ම ඉරානයේ සහාය ලබන කණ්ඩායම් මැදිහත්වීමෙන් පවතින ගැටුම් නැවැත්විය යුතු බවත් අදාළ ඉරාන නිලධාරියා උපුටා දක්වමින් ප්‍රෙස් ටීවී පුවත් ජාලය වාර්තා කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම සම්බන්ධයෙන් නව නෛතික රාමුවක් සහ එදිරිවාදී මාධ්‍ය සම්බන්ධයෙන් පියවර ගැනීම සම්බන්ධයෙන් ඉරානය පනවන කොන්දේසිවලට ඇතුළත් යැයි පැවසේ.

මේ අනුව,

  •  නැවත යුද්ධයක් ඇති නොවීම සුරක්ෂිත කිරීම සහ ඒ සඳහා වගබලා ගැනීම,

  • බටහිර ආසියාවේ තිබෙන ඇමෙරිකානු කඳවුරු වසා දැමීම,

  • ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට සම්පූර්ණයෙන් වන්දි ගෙවීම හා හානිපූරණය,

  • ඉරානයට හිතවත් කණ්ඩායම් ද ඇතුළුව කලාපයේ පවතින සියලු යුද ගැටුම්, විශේෂයෙන්ම ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මැදිහත් වීමෙන් තිබෙන ගැටුම් අවසන් කිරීම,

  • හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය සඳහා නව නෛතික රාමුවක් සකස් කිරීම, සහ

  • එදිරිවාදී මාධ්‍යවල මූලිකාංග ඉරානයට ලබාදීම මෙම කොන්දේසි වේ.


ඇමරිකාව සහ ඉරානය රතු නිවේදනවලින් ගහ ගනිති...

xfgdgt
ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය හෝ, සිය යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළහොත් මැද පෙරදිග තිබෙන සියලු යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු ඇඟවයි.

ඊශ්‍රායලය, ඉරානයේ නටාන්ස් හි පිහිටි න්‍යෂ්ටික වැඩබිමකට ප්‍රහාර එල්ලකළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ඊශ්‍රායලයේ ප්‍රධානම න්‍යෂ්ටික වැඩබිම පිහිටි නගරයට ප්‍රහාරයක් එල්ල කළේ ය.  

මෙවැනි පසුබිමක පැය 48ක් ඇතුළත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලශක්ති මර්මස්ථාන අකාමකා දමන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් කළේ ය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා එසේ කළහොත්, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයේ බලශක්ති පහසුකම්, වැඩබිම්, යටිතල පහසුම් යනාදියට ප්‍රහාර එල්ල කරන බවටත්, මැද පෙරදිග තිබෙන, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට අයත් සියලු බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවටත්  ඉරානය අනතුරු ඇඟවීය.

ඒ අනුව බලශක්ති මර්මස්ථාන, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන, ලවණහරණ කම්හල් යනාදී සියල්ල සිය ඉලක්ක බවට පත්වනු ඇතැයි ඉරානය අනතුරු ඇඟවීය.

xdgfsdg

බොරතෙල් බැරලය ඩොලර් 150 ඉක්මවා යන ලකුණු !

මේ අතර මැදපෙරදිග හෙවත් බටහිර කලාපයේ ඇති වී තිබෙන යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 150 ඉක්මවා යනු ඇතැයි අනාවැකී පළ වී තිබේ.

මෙම යුද්ධය හේතුවෙන් මේ වනවිට ලොවපුරා බලශක්ති මිල ගණන් වැඩි වී තිබෙන අතර බොරතෙල් බැරලයක සාමාන්‍ය අගය ඇමෙරිකා එක්සත් ජනපද 100ත් 110ත් අතර අගයකට පත්ව ඇත.

මෙම යුද්ධය තවත් දින 10ක් පැවැතියහොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 150ක් වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරියකු වන මහ්දි අරබ්සාදේහ් පැවැසීය. හෙතෙම ඉරානයේ ඉංජිනේරු සහ තාක්ෂණික ආයතනයේ යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරියකු වශයෙන් කටයුතු කරයි.

ඉරානයේ මේ වනවිට සිය සතුරු පාර්ශවවල නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙන අතර මේ හේතුවෙන් ඒ හරහා දිනකට ගමන් කරන තෙල් බැරල ප්‍රමාණය අඩු වී තිබේ. යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගත වූ කාලයේ දී දෛනිකව ඒ හරහා ගමන් කරන ප්‍රමාණයෙන් මිලියන 21ක තෙල් බැරල ප්‍රමාණයක් දෛනිකව අඩු වී තිබේ. මේ හේතුවෙන් ගෝලීය සැපයුම්වලට විශාල බලපෑමක් එල්ල වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 65ක් වූ බවත් මේ වනවිට එය 119ක් දක්වා වැඩි වී ඇති බවත් මහ්දි අරබ්සාදේහ් කීවේ ය.
xfgdgssg| ඉරානයේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරි මහ්දි අරබ්සාදේහ්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, පෙබරවාරි 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී හමනෙයි ඇතුළු නායකයෝ සැලකිය යුතු පිරිසක් මරණයට පත්වූහ. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර, මැද පෙරදිග කලාපයේ ඇමෙරිකානු ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කළේ ය.

සිය රටට ප්‍රහාර එල්ල කිරීම සඳහා අසල්වැසි රටවල ඇමෙරිකානු කඳවුරු භාවිත කරන හෙයින් ඒවාට ප්‍රහාර එල්ල කරන බව ද ඉරානය අවධාරණය කළේ ය.

ඇමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ප්‍රහාර එල්ල කරගැනීම් උත්සන්න වෙමින් දෙපාර්ශවය මේ වනවිට ආර්ථික, ඉන්ධන, ඇතුළු ප්‍රධාන මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරගන්නා අතර තම ඉන්ධන සැපයුම් යනාදියට ප්‍රහාර එල්ල කළ බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන් බවත්, කිසිදු සතුරු පාර්ශවයකට ඒ හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන බවටත් අනතුරු ඇඟවීය.

ගෝලීය ඉන්ධන සහ ද්‍රව-ස්වභාවික ගෑස් සැපයුම්වලින් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන අතර මෙම තීරය සීමා කිරීමත් සමඟ ගෝලීය බලශක්ති අර්බුදයක් ඇති වීමේ අවදානමක් මතු වී තිබේ. දැනටමත් යුරෝපයේ සහ ආසියාවේ ඉන්ධන මිල ගණන් සහ අනෙකුත් බලශක්ති සැපයුම්වල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

 

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්