කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීම හේතුවෙන් එරට ජීවත් වන මිලියන 10කට අධික ජනතාවකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිය ඇනහිට තිබේ.
සතියක් ඇතුළත දෙවන වරට සිදුවූ දෙවන විදුලි බිඳ වැටීම මෙය වන අතර, කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රෝහල් සහ ජල සම්පාදන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් විදුලිබලය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.
ඇමරිකාවේ ඉන්ධන අවහිර කිරීම් හමුවේ විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් ආනයනයට බාධා එල්ල වී ඇත.
| hirunews
මුලාශ්‍ර :
National blackout hits Cuba for second time in a week
Cuba hit by another nationwide power outage








