leader s

ඇමරිකාව සහ ටෙහෙරානය අතර පවතින සතුරුකම් තීව්‍ර කරන බවට දෙපාර්ශ්වයම තර්ජනය කිරීමත් සමඟ අද (23) දින ආසියාවේ ප්‍රධාන කොටස් වෙළඳපොළවල් දැඩි ලෙස කඩා වැටී තිබේ.

 

ජපානයේ ප්‍රධානතම Nikkei 225 දර්ශකය උදෑසන වෙළඳාමේදී 3.4% කින් පහත වැටුණු අතර, දකුණු කොරියාවේ Kospi දර්ශකය 5% කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ccdacec7 2f31 4b1a 97e3 f292c8526283

 

ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගය විවෘත නොකළහොත් එරට විදුලි බලාගාර "මුළුමනින්ම විනාශ කරන" (Obliterate) බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා අනතුරු ඇඟවිය.

එවැනි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් කලාපයේ බලශක්ති පහසුකම් ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරානය ප්‍රතිචාර දැක්විය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් සහ ගෑස් මත බෙහෙවින් යැපෙන බැවින් මෙම ගැටුමෙන් ජපානය සහ දකුණු කොරියාව විශේෂයෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එරටට ප්‍රහාර එල්ල කළ දා සිට ලොව කාර්යබහුලම තෙල් නැව් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කරනු ලැබිය..

ලොව තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) ප්‍රමාණයෙන් 20%ක් පමණ සාමාන්‍යයෙන් මෙම ජල මාර්ගය හරහා ගමන් කරන අතර, යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

 

36445bhrtyrt

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol)

 

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol) ප්‍රකාශ කළේ, මෙම යුද්ධය හේතුවෙන් දශක කිහිපයකින් ලෝකය මුහුණ දෙන දරුණුතම බලශක්ති අර්බුදයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික ප්‍රෙස් ක්ලබ් හි අදහස් දක්වමින් බිරෝල් වත්මන් අර්බුදය 1970 දශකයේ බලශක්ති අර්බුදයට සහ 2022 රුසියානු යුක්රේන ආක්‍රමණයේ බලපෑමට සමාන කර සිටියේය.

තව පැය කීපයයි - ලෝකයම අවධානයෙන්

654957425 1432983575176198 8557792985926775651 n
සෙනසුරාදා දින සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ පවසා තිබුණි: "මෙම මොහොතේ සිට පැය 48ක් ඇතුළත ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය තර්ජනයකින් තොරව සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විවිධ විදුලි බලාගාරවලට ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කරනු ඇත! විශාලතම බලාගාරයෙන් මෙය ආරම්භ වනු ඇත."

හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනයට විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ලබා දී තිබූ පැය 48ක කාලය නිමා කිරීමට ආසන්න වෙමින් තිබියදී ලේකයේම අවධානය දැඩිව යොමු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් 22දා පෙරවරු 5.30ට පමණ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පැය 48ක කාලය ලබා දුන්නේය. එම කාලය තුළ විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන සියල්ල වනසා දමන බවට දැඩි ප්‍රකාශයක් කර තිබිණි.

එහෙත් එම ප්‍රකාශයට පිළිතුරු දුන් ඉරානය එවැනි පහරදීමක් කළ හොත් කලාපයේ සියලු බලශක්ති මධ්‍යස්ථානවලට පෙරලා පහර දෙන බවට අනතුරු ඇඟවීමෙන් ලෝකයේ යුද උණුසුම තවත් වටයකින් දැඩිව පැතිර ගියේය.

 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්