leader s

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය හා එක්සත් ජනපදය අතර සාකච්ඡා පැවති බව පැවසීමෙන් අනතුරුව පරස්පර වාර්තා ලැබෙමින්

ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මෙතෙක්, දෙරට අතර සෘජු හෝ වක්‍ර සාකච්ඡා නොපැවති බව ඉරාන ෆාර්ස් පුවත් ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය කියයි.  

ඉරානය හා පැවති "ඉතා යහපත්, ඵලදායී" සාකච්ඡා වලින් අනතුරුව, එරට බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් කල්දැමූ බව එක්සත් ජනපද ජනපති විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබිණි.

මෙතෙක්, දෙරට අතර කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැති බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර නොමැති බවත්, ඉරාන තස්නිම් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල පීඩනය හමුවේ, එක්සත් ජනපද ජනපති, ඉරානයේ තීරණාත්මක මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට පසු බසින බව ඉරාන බලධාරීන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

කෙසේ වෙතත්, ඉරාන විදෙස් අමාත්‍යංශ වාර්තා උපුටා දක්වන මෙහ්ර් පුවත් ඒජන්සිය, ගැටුම් සමනය කිරීමේ යම් මූලික පියවර කිහිපයක් පිලිබඳ අවධානය යොමුව ඇතැයි කියා සිටී. එහෙත්, මෙය ඉරානය විසින් ආරම්භ කළ යුද්ධයක් නොවන බැවින්, ඒ පිලිබඳ වගකීම පවත්නේ එක්සත් ජනපදය මත බව ද එය සඳහන් කරයි.

ජනපති ට්‍රම්ප් ගේ අරමුණ, බලශක්ති මිල අඩුකර යුද සැලසුම් පිණිස කල් මැරීම බව ද එම පුවත් සේවය පවසයි.

මේ අතර, සිය හමුදා මේ වන විටත් ටෙහෙරානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඊශ්‍රායලය කියයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Iran war live: Trump postpones strikes on Iranian power plants after earlier ultimatum over Strait of Hormuz


 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්