ඉන්ධන සුරක්ෂාව පිණිස පෙසෝ බිලියන 20ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 333) හදිසි අරමුදලක් පිහිටුවන බව ෆිලිපීන බලශක්ති අමාත්‍යංශය අද (26) නිවේදනය කළේය.
මැද පෙරදිග යුද ගැටුමින් උච්චාවචනය වන ගෝලීය බලශක්ති මිල හමුවේ එරට ඉන්ධන සුරක්ෂාව ශක්තිමත් කිරීම එහි අරමුණයි.
නව අරමුදල, බාහිර සැපයුම් කම්පනවලින් ෆිලිපීන ජනතාව ආරක්ෂා කිරීම පිණිස රාජ්‍ය පරිපාලනය විසින් ගත් ශක්තිමත් පියවරක් බව එරට බලශක්ති දෙපාර්තමේන්තුව පැවසීය. එමගින් රට තුළ ප්‍රමාණවත්, අඛණ්ඩ ඉන්දන සැපයුමක් ස්ථාපිත කෙරෙන අතර ඒ පිලිබඳ විශ්වසනීයත්වය තහවුරු කෙරේ.
නව වැඩසටහන යටතේ, ගෘහස්ත සැපයුම් වෙනුවෙන් රජය විසින් ඉන්ධන බැරල මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනේ. පිරිපහදු පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ දියර පෙට්‍රෝලියම් වායුව ද ඒ අතර වෙයි.

දැනට රට තුළ දින 45කට ප්‍රමාණවත් ඉන්දන සැපයුමක් පවතින බව ෆිලිපීන ජනපති කණිෂ්ට ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ඊයේ (25) පැවසීය. එරට පූර්ණ බොර තෙල් ආනයනය මැද පෙරදිගින් සිදු කෙරේ. සෞදි අරාබිය එහි ප්‍රධාන සැපයුම්කරු වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
සබැඳි පුවත් :
පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්
මුලාශ්‍රය :
Philippines launches $333 million fund to boost fuel security








