හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව චීනය දැඩි ප්‍රසාදයකින් පසුවන බවත්
අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි..
සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය චීනය මෙන්ම සමස්ත ලෝකයේම යහපත උදෙසා ගනු ලැබූවක් බවයි.
මෙහිදී අමෙරිකාව සහ චීනය අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉරානය වෙත අවි ආයුධ සැපයීමෙන් වැළකී සිටීමට චීනය එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
ඉදිරි සති කිහිපය තුළ තමන් චීනයේ සංචාරය කිරීමට නියමිත බවත්, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් තමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසයි..
ගැටුම් ඇති කරගන්නවාට වඩා මෙවැනි සාමකාමී එකඟතාවලට එළඹීම ජයග්‍රහණයක් බව පෙන්වාදෙන ඇමරිකානු ජනාධිපතිවරයා, "අවශ්‍ය වුවහොත් ඕනෑම පාර්ශවයකට වඩා හොඳින් සටන් කිරීමට අමෙරිකාවට හැකියාව තිබෙනවා. නමුත් අප උත්සාහ කරන්නේ සාමකාමී විසඳුම්වලටයි," යයි ද කියා සිටියි.
| hirunews







