ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින ගැටුම් තාවකාලිකව නතර කරමින් දින 10ක සටන් විරාමයකට දෙපාර්ශවයම එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තම 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇත.

මූලික එකඟතාව අනුව මෙය දින 10ක කාලයක් ක්‍රියාත්මක වනු ඇති අතර, මෙම සටන් විරාමය (EST) පස්වරු 17:00 ට (22:00 BST) ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණයත් සමඟ කලාපය තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය තාවකාලිකව සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සටන් විරාමය ක්‍රියාත්මක වන කාලය තුළ දෙපාර්ශවයම ප්‍රහාරවලින් වැළකී සිටීමට එකඟ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඊශ්‍රායල අගමැති සහ ලෙබනන් ජනපතිට සාම සාකච්ඡා සඳහා ධවල මන්දිරයට ඇරයුම්
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ප්‍රකාශයට පත් කෙරුණු දින 10ක සටන් විරාමයෙන් අනතුරුව, දෙපාර්ශවය අතර ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා විශේෂ සාකච්ඡාවකට එක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙරටේ නායකයින්ට ආරාධනා කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ තැබූ තවත් සටහනක දැක්වෙන්නේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ධවල මන්දිරය වෙත ගෙන්වා ගැනීමට තමන් සූදානම් බවයි.
මුලාශ්‍ර :
Israel and Lebanon agree 10-day ceasefire, Trump says
Trump says Lebanon and Israel have reached 10-day ceasefire
Trump Says Israel and Lebanon Agreed to 10-Day Ceasefire
Israel and Lebanon agree to 10-day ceasefire, Trump says







