leader s

හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.


මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ 'ජැග් අර්නව්' (Jag Aav) නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව සහ 'සන්මාර් හෙරල්ඩ්' (Sanmar Herald) නැමති තෙල් ප්‍රවාහන නෞකාවයි.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයාව ඊයේ (18) සන්ධ්‍යාවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි. එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා සහ තානාපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්විණි.

HGMjcZgaUAAeUMQ

 

වෙළෙඳ නෞකාවල සහ නාවිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ප්‍රමුඛතාවය මෙහිදී විදේශ ලේකම්වරයා අවධාරණය කර ඇති බව සඳහන් වේ.

ඉන්දියාව බලා පැමිණෙන නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සඳහා මීට පෙර ඉරානය ලබා දුන් සහයෝගය ඔහු මෙහිදී සිහිපත් කර ඇත.

වෙළෙඳ නෞකාවලට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, මේ පිළිබඳව ඉන්දීය රජයේ ස්ථාවරය වහාම ඉරාන බලධාරීන්ට දැනුම් දෙන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව බලා එන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් යළි ආරම්භ කරන ලෙසද ඉන්දියාව ඉරානයෙන් ඉල්ලා ඇත.

ඉන්දීය රජයේ මෙම කරුණු පිළිබඳව තම රජයේ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවට ඉරාන තානාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර තිබේ.


මුලාශ්‍ර :

'India-Iran share strong relationship': Tehran representative after firing on Indian ships at Hormuz

Two Indian tankers come under Iranian fire at Strait of Hormuz

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්