ඉරානය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට (20) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (19) තහවුරු කළේය.
කෙසේ නමුත් ඔහු සිය නියෝජිතයන්ගේ සහභාගිත්වය තහවුරු කරමින් ඔහු පවසා සිටියේ, හෝමූස් වසා දමා ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවය.
ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීම් කිහිපයක් ද සිදුකර ඇත.
මෙම සාකච්ඡා හරහා නිසි එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරට පාලම් සහ විදුලි බලාගාර ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවට ඔහු යළිත් අනතුරු අඟවා තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අවහිර කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙරට අතර පවතින අර්බුදය සමනය කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ බව ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ ඉරානය "ලෝකයටම තර්ජනයක්" වෙමින් කටයුතු කරන්නේ නම් අමෙරිකාව උපරිම බලය භාවිතා කිරීමට පසුබට නොවන බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ට්‍රම්ප් ජනාධිපතිවරයා,

''නාවික ගමනාන්ත වෙනස් වෙමින් පවතිනවා''
ඒක සුදුසු නෑ. කෙසේ නමුත් මගේ නියෝජිතයන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත යනවා. ඔවුන් හෙට සවස සාකච්ඡා සඳහා එක්වනු ඇත.
හෝමූස් වසා දමා ඉරානය නොදැනුවත්ව අපට උදව් කරනවා. අමෙරිකාවට කිසිවක් අහිමි වන්නේ නෑ. දිනකට ඩොලර් මිලියන 500ක් අහිමි වන්නේ ඔවුන්ට.
නාවික ගමනාන්ත වෙනස් වෙමින් පවතිනවා. බොහෝ නැව් දැන් අමෙරිකාව, ටෙක්සාස්, ලුසියානා සහ ඇලස්කාව වෙත යමින් සිටින්නේ.
ඉරානය ඉක්මනින් කඩා වැටෙනු ඇත. ඔවුන් ගනුදෙනුව නොගන්නේ නම්, පසුගිය වසර 47 තුළ අනෙකුත් ජනාධිපතිවරු ඉරානයට කළ යුතුව තිබූ දේ මට කිරීමට සිදුවනු ඇත. එහි ගෞරවය මට ලැබෙනු ඇත" යනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි දක්වා තිබුණි.
මුලාශ්‍රය :







