leader s

බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භ විය.


ඉන්දීය වාර්තා සඳහන් කළේ මීට අමතරව බටහිර බෙංගාල් ප්‍රාන්තයේ මැතිවරණයත් අද ආරම්භ වන බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීම හේතුවෙනි.

 

vije
ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයම් ලබාගෙන ඇති බව දේශපාලන විචාරකයින් සඳහන් කරයි.

දේශපාලන විශ්ලේෂකයන් දැනටමත් අනාවැකි පළකොට ඇත්තේ මෙවර තමිල්නාඩු මැතිවරණයේදී තලපති විජේගේ ටී.වී.කේ. පක්ෂය විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන හිටපු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ගේ ඩී.එම්.කේ. පක්ෂයට සහ හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ ඒ.අයි.ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවකි.

යම් හෙයකින් තලපති විජේගේ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත නොහැකි වුවහොත් ඔහුගේ පක්ෂයේ සහාය ඇතිව තමිල්නාඩු ප්‍රාන්ත රජය පිහිටුවීමේ අවස්ථාවක් පවතින බවද දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.


මුලාශ්‍ර :

Tamil Nadu elections 2026 LIVE: Voting begins in the State

Tamil Nadu election 2026 LIVE: TVK’s Vijay, MP Kamal Haasan and daughter Shruti cast votes


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්