ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.
බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදය තුළ, ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මූලික සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ අතර, මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉදිරියට යාමට හැකිව තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසුව ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය ද මෙලෙස දීර්ඝ කර ඇත.
කෙසේ වෙතත්, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමට තමන් දැඩි උනන්දුවකින් පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ සඳහා තමන්ට ඕනෑ තරම් කාලය ඇති නමුත් ඉරානයට එසේ නොමැති බවයි.
මුලාශ්‍ර :
Trump says Lebanon and Israel agree to extend Israel-Hezbollah ceasefire by 3 weeks
Lebanon-Israel ceasefire extended by three weeks after Oval Office meeting







