leader s

නෝර්වේ රාජ්‍යය වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසේ.

ඒ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් ඇතැයි රජය අද (24) නිවේදනය කළේය.

තරුණ ප්‍රජාව  සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් වයස් නීර්ණය පිලිබඳ  වගකීම අදාළ තාක්ෂණ සමාගම් වෙත පැවරේ.

ළමුන්ට, ළමුන් සේ හැදී වැඩිය හැකි හිතකර පරිසරයක් ඉදි කිරීම පිණිස එම ව්‍යවස්ථාපිත නීතීන් ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය, ජොනාස් ගාර්  ඒ සම්බන්ධ විශේෂ සඳහනක පැවසීය.

කෙළිදෙලෙන් පසුවීම, යහළු යෙහෙළි  ඇසුර සහ දෛනික දිවි පෙවෙත කෘත්‍රිම බුද්ධි සැලසුම් සහ තාක්ෂණික තිර මත තීරණය වීමට ඉඩ නොහළ යුතු බවත්, දරුවන්ගේ ඩිජිටල් දිවිය සුරක්ෂා කිරීමේ අරමුණින් මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවත් ඔහු අවධාරණය කළේය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Norway plans to ban social media use by children under 16

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්