leader s

ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර අඛන්ඩව ප්‍රහාර

හුවමාරු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඔවුන් ඉලක්ක කරගනිමින් දකුණු ලෙබනනයේ ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය සදහන් කර ඇත.

හිස්බුල්ලා සංවිධානයෙන් සිය ජනතාවට එල්ල වන තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පැවති තාවකාලික සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 23 වැනිදා ප්‍රකාශ කළ නමුත් සටන් විරාමය උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධානය මෙන්ම ඊශ්‍රායලය එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටිති.

| aruna

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්