leader s

බ්‍රිතාන්‍ය ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මොස්කව් පාලනයෙන් ලන්ඩනයට දැඩි ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු ඇඟවීමක්


දෙපාර්ශ්වයේම දැවැන්ත ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් ඇතුළු ජීවිත හා දේපළ හානි ඉහළට


රුසියානු භූමිය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදා ගැනීම සම්බන්ධයෙන් මොස්කව් පාලනය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබියදීත්, බ්‍රිතාන්‍යය යුක්‍රේනය වෙත ලබාදෙන සහයෝගය "සියයට සියයකින්ම" අඛණ්ඩව ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) ප්‍රකාශ කර තිබේ.

"අප දුෂ්කර අවස්ථාවලදී පලායන හිතවතුන් නොවේ. යුක්‍රේනයේ මේ තීරණාත්මක මොහොතේදී අප ඔවුන් සමඟ නොසැලී රැඳී සිටින අතර එම ස්ථාවරය කිසිසේත් වෙනස් වන්නේ නැහැ," යනුවෙන් අගමැතිවරයා අවධාරණය කළේය.

රුසියාවේ තෙල් පිරිපහදු මෙන්ම දැවැන්ත සැපයුම් ජාලයක් වන ‘වයිල්ඩ්බෙරීස්’ (Wildberries) ආයතනයට අයත් ගබඩා සංකීර්ණ ඉලක්ක කර යුක්‍රේනය මෑත සතිවලදී එල්ල කළ දුරදිග ප්‍රහාර සම්බන්ධයෙන් ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය දැඩි විරෝධය පළ කර ඇත. බ්‍රිතාන්‍යය දැනුවත්වම මෙම අර්බුදය තීව්‍ර කරන බවත්, යුද ගැටුමට ඔවුන්ගේ සම්බන්ධතාව වැඩි වන තරමට බ්‍රිතාන්‍යයට ඊට විශාල මිලක් ගෙවීමට සිදුවන බවත් රුසියාව අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ස්ථාවරය සහ ආර්ථික බලපෑම

රුසියාවේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කළේ, යුක්‍රේනයට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම බ්‍රිතාන්‍යයේ දීර්ඝකාලීන ස්ථාවරය බවත්, පෙර සිටි අගමැතිවරුන් මෙන්ම තමන්ද එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්ය.

බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් විසින් නිෂ්පාදනය කරන ලද ඩ්‍රෝන යානා යුක්‍රේනය වෙත සපයා ඇති අතර, එම ඩ්‍රෝන මඟින් රුසියානු භූමියට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් පවුම් බිලියන 35කට අධික ආර්ථික හානියක් සිදුව ඇති බව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් රුසියාවේ අභ්‍යන්තර ඉන්ධන සැපයුමට සහ ආර්ථික ක්‍රියාවලියට සෘජු බලපෑම් එල්ල වී ඇත.

2022 පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට බ්‍රිතාන්‍යය යුක්‍රේනයේ ප්‍රධානතම ජාත්‍යන්තර ආධාරකරුවෙකු ලෙස කටයුතු කරයි. යුක්‍රේන හමුදාවන්ට ටැංකි නාශක අවි, ස්ටෝම් ෂැඩෝ (Storm Shadow) දිගුදුර මිසයිල සහ නවීන තාක්ෂණය සැපයීමට අමතරව එරට හමුදා සෙබළුන් පුහුණු කිරීමේ කටයුතුවලද බ්‍රිතාන්‍යය නිරතව සිටී.

දෙපාර්ශ්වයේම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර උත්සන්න වීම

ssg009
ඉකුත් දින කිහිපය තුළ යුක්‍රේනය මොස්කව් කලාපය ඉලක්ක කර ඩ්‍රෝන යානා සිය ගණනක් මුදාහැර ඇති අතර, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කළ බව රුසියානු බලධාරීහු ප්‍රකාශ කරති. ආනයනික තාක්ෂණයට අමතරව යුක්‍රේනය තමන් විසින්ම නිපදවන ලද 'FP-5 ෆ්ලැමින්ගෝ' කෲස් මිසයිල සහ දේශීය ඩ්‍රෝන තාක්ෂණයද මෙම ප්‍රහාර සඳහා බහුලව යොදාගෙන තිබේ.

ඒ අතරතුර රුසියාව විසින් යුක්‍රේනයේ ඊසානදිග පෙචෙනිහි (Pechenihy) ගම්මානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සුමි, සපොරීෂියා සහ කර්සන් ප්‍රදේශවලද ජීවිත හානි වාර්තා විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව යුක්‍රේනයේ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, රුසියානු දේශසීමා ප්‍රදේශවල සිදුවූ ප්‍රහාරවලින්ද පුද්ගලයින් ගණනාවක් මියගොස් තුවාල ලබා ඇත.

න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ආරක්ෂාව සහ යුරෝපයේ අවධානය

මේ අතර, රුසියානු පාලනය යටතේ පවතින සපොරීෂියා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයින් ප්‍රවාහනය කළ බස් නැවතුම්පොළක් අසල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාවට ඉන් කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බව එම ආයතනය තහවුරු කරයි.

යුද ගැටුම් තවදුරටත් වර්ධනය වීමත් සමඟ මිශ්‍ර යුද උපක්‍රම (Hybrid Warfare) සහ යුරෝපයේ සංවේදී ස්ථාන ඉලක්ක කර සිදුවන සැකකටයුතු ඩ්‍රෝන ක්‍රියාකාරකම් කෙරෙහි ජර්මනිය ඇතුළු නේටෝ (NATO) මිත්‍ර රටවල් සිය දැඩි අවධානය යොමු කර තිබේ.

මුලාශ්‍රය :

BBC News: UK 'supports Ukraine 100%', Burnham says, after Russia's drone warning

International Atomic Energy Agency (IAEA) Updates

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්