මෙතෙක් කල් රටේ බහුලව සිටි ඡන්ද දායකයින් වෙනුවට කෙමෙන් පුරවැසියන් ඇතිවන බවක් පෙනෙයි. ඡන්ද දායකයින් වෙනුවට පුරවැසියන් ඇතිවීම රටක අභිවෘධියට හොඳ සාධකයකි.



මේ මොහොතේ වීදි බැස තිබෙන ජනතාවට පක්‍ෂ, පාට, වර්ග, ජාති, ස්ත්‍රී පුරුෂ බව කිසිසේත්ම අදාළ නැත. ඔවුන්ට ඇත්තේ එකම අරමුණකි. එනම් ඔවුන්ව රැවටූ චෞර, දූෂිත, සදාචාර විරෝධී, පාලක පවුල නෙරපා හැරීමයි.

මෙවේලේ බොහෝ සෙයින්ම පාරට බැස ඇත්තේ නගරබදව ජීවත් වන මධ්‍යම පංතික සහ පහළ මධ්‍යම පංතික ජනතාව බව පෙනෙයි.

ගෑස්, විදුලිය, ඉන්ධන, ආහාර වැනි පාරිභෝගික ද්‍රව්‍ය හිඟවීම තදින්ම බලපා ඇති මේ අයගේ බහුතර ඡන්දයෙන් දැන් සිටින පාලකයින් පත්විය. ඒනිසා ඔවුන්ට පාවා දුන්නා, රැවටුනා, ද්‍රෝහිවුනා, ලෙස දැනෙන පරාජිත හැඟීම් වඩාත් ප්‍රබලය.



එමෙන්ම ඇතැමුන් පිටකරමින් සිටින්නේ ආදරය වෛරයක් බවට පත්වූ විට ඇතිවන තදබල සංවේදී හැඟීම්ය. ආදරයට සහ වෛරයට ඉන්ද්‍රජාලික පරිවර්තන බලයක් ඇත (love and hate have a magical transforming power) කියන්නාසේ, බහුතරයක් ජනයා ඉතා ආදරයෙන් දියසේන කුමරායයි අභිෂේක කොට මේ ජනාධිපතිවරයා බලයට ගෙනාවේ ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු ඇතැයි යන බලවත් විශ්වාසයකිනි.



නමුත් වැඩිකල් නොගොස් ඔවුන්ගේ බලාපොරොත්තු ඇස් ඉදිරිපිටම සුනුවිසුණුවී, ජීවන තත්ත්වය වේගයෙන් පහළට වැටෙද්දී එම ආදරයම ඉන්ද්‍රජාලික ලෙස වෛරයට පරිවර්තනයවී ඇත.

ශ්‍රී ලංකාව දියසේන යටතේ නැවතත් විශිෂ්ට රටක් බවට පත් කරන්නෙමු යැයි සපථ කොට කී අයගේ මානසික තත්ත්වය ගැන කවර කතාද?

අවාසනාවට ඇතැමුන්ට කපටි බොරුකාරයන්ට රැවටීමේ ජානමය නැඹුරුතාවයක් (genetic predisposition) උපතින්ම පිහිටා ඇත. එසේම රවටන්නන්ටද කටට දිවට නොගෑවී බොරු චාටු කීම පිළිබඳ මනා කුසලතාවයක් ඇත.

එවැන්නන්ට රැවටී දැන් උරුමවී ඇති ජීවන තත්ත්වය, ඊට පෙර තිබූ ජීවන තත්ත්වය හා සසඳන විට සිදුවී ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ නොව, ඉඟුරු සහ නයිමිරිස් දෙක එකට ලැබුණා වගේ වැඩකි.

dfdgdfgtr

බොහොමයක් වීදි බැස ඇත්තේ අනෙකුත් දේශපාලන පක්‍ෂවල උසිගැන්වීමෙන් තොරවය. ප්‍රබල විපක්‍ෂයක් නොමැති අවස්ථාවක මෙය ඉතා බරපතල තත්ත්වයකි.

 බහුතර ජනතාව දැන් කිසිම දේශපාලකයකු විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට දැන් භික්ෂූන් ගැන විශ්වාසයක්ද නැත. උද්ඝෝෂණයකට සහභාගී වීමට පැමිණි ඇතැම් සිවුරු දරාගත්තවුන් පිරිසක් ජනයා විසින් එලවා දමන ලදී. දැන් දැන් ජනයාට සිල්වත් ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරීන් අතර වෙනස හඳුනා ගැනීමට නුවණැස පහල වෙමින් පවතී. 

 

එසේම රට කෙමෙන් අරාජික වන බවක්ද පෙනෙයි. දැනට තිබෙන උද්ඝෝෂණයන්හි ප්‍රචණ්ඩත්වයක් නොපෙන්වූවත් දිගටම එසේ පවතිනු ඇති බවට සහතිකයක් නැත. ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතාවන්වත් නොලැබෙන විටදී,  ඉමහත් විශ්වාසයෙන් පත් කරගත් රජය කෙරෙහි වෛරයක් ඇතිවීම අරුමයක් නොවේ.

වීදි බැසි ජනතාවට නායකත්වයක් නැතිවීම අනතුරුදායකය. එසේම බොර දියෙහි මාළු බෑමට සිටින පිරිසක්ද ඇත. ලී ක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් එකවර ගෙනාවායි කිවූ පිංගුත්තරයන් කිසිවිටකත් ඒ රටවල් දියුණු වූයේ ඇමෙරිකාව වැනි බටහිර රටවල් සමග ඉතා හොඳ මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමෙන්, දියුණු රටවල උපදෙස් ලබා ගැනීමෙන් සහ ආධාර උපකාර ලබා ගැනීමෙන් බව කීවේ නැත.



ඊර්ෂ්‍යාව, කුහකකම ඉහවහා ගිය ඔවුහු රටට ලැබුණ ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක් වූ MCC ආධාරය පවා අත්හැර දැමීමට කටයුතු කළහ. එයට එක් හේතුවක් විය හැක්කේ MCC ආධාර මුදල් වලින් කොමිස් ගැසීමට නොහැකිවීම විය හැක.



දැන්වත් රට නිවැරදි දිශානතියකට හරවා ගැනීම ඉතා අවශ්‍යවේ. තම තමාට බලය ලබා ගැනීම නොව, දේශයට සහ එහි ජනයාට සැබවින්ම ආදරය කරන අය සොයාගත යුතුව ඇත. දේශ හිතෛෂී සමාජ සේවයට ලැදි දේශපාලකයන් සොයා ගැනීමට කල යුත්තේ දේශපාලකයින්ට දෙන වරදාන, වරප්‍රසාද, විශ්‍රාම වැටුප්, තීරුබදු රහිත වාහන පර්මිට්, බාර් පර්මිට් වැනිදේ කප්පාදු කිරීම වැනි ඉතාම සරල කාර්යයකි.

එසේ නොවුනහොත් ව්‍යාජ ඉන්දියන් බිල්ලන්, ඇමෙරිකන් බිල්ලන්, බටහිර බිල්ලන් මවමින් පාර්ලිමේන්තුව දෙවනත් කරමින් තප්පුලන, විදේශ සෙබළුන් අපේ දැරියන් අපයෝජනය කරන අයුරු සෙම් සොටු කඳුළු පෙර පෙරා විස්තර කරමින් ජනතාව නිකරුනේ කුලප්පු කරන, ඊනියා දේශ ප්‍රේමීන් නැවතත් හිස එසවීමට කුරුමානම් අල්ලනු නොඅනුමානය.

දැන්නම්  වංසේ කබල් ගාමින් සිටියොත් බඩ ගින්නේ මැරෙන්න සිදුවෙන බව බොහෝ දෙනාට ඕනෑවටත් වඩා වැටහී ඇත. නමුත් අපේ ඇත්තන්ට තිබෙන්නේ කෙටි කාලීන මතකයක් නිසා අපතයන් අතට රට පත්වීම වැළැක්වීමට ගතහැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.   .

Kanthi kariwasa(කාන්ති කාරියවසම්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


ලේඛිකාවගේ වෙනත් ලිපි :

සමාවෙන්න, දරුවනේ -(කාන්ති කාරියවසම්) 

අප්‍රියෙල් පළමු වැනිදා - අප නොරැවටෙන දිනය (කාන්ති කාරියවසම්)

අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්

හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්
 

 


 

The Leader TV අද වීඩියෝ 
 
 

Leader Whats app

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්