leader s

නාද්‍යාගෙ මිනරෙට්ස් ෆිල්ම් එක ඊයෙ PVR  එකේ බැලුවා. ඒක ඒ විදිහට පුළුල් තිරයක, හොඳ සද්ද එක්ක බලන්න ලැබීම කියන්නෙම භාග්‍යයක්. අපිට මේ රටේ ඩොකියුමෙන්ට්‍රියක ආස්වාදය එහෙම හෝල් එකක

එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන අවස්ථා අන්තිම විරලයි.

ඉන්දික තොටවත්ත ඉස්ලාම් දහමට අපහාස කළා කියලා සිරගත කරන මේ මොහොතෙ මිනරෙට්ස් කොළඹ තිරගත වීම එක විදිහක අයිරනියක්. ඒක එකම කතාවක දිගුවක්.

මිනරෙට්ස් බලද්දි කෙනෙකුට දැනෙන්නෙ ආගමක් විසින් මනුස්සයෙකුට කළ හැකි විනාශයේ තරම. මනුස්සයෙකුගෙ ජීවිතයෙන් සංගීතය මුලිනුපුටා දමන්න ආගමකට පුළුවන් වෙලා තියෙනවා. සංගීතය අහිමි කළ මනුස්ස ප්‍රජාවක් අපේ රටේ ජීවත් වෙනවා. අපි ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ.

                         

 කලාව ඉපදෙන්නෙ ආගමට කලින්. ඒත් පසුව ඉපදෙන ආගම තමන්ව නිර්මාණය කළ මිනිස් කලාවත් මිනිසාට අහිමි කරනවා. ඒක මිනිස් ආධ්‍යාත්මයේ ‍දරුණුතම ඛේදවාචකය.
නාදය, තාලය, රිද්මය අහිමි කළ ඒ මිනිස්සු දිහා බලන් ඉඳිද්දි ඇස්වලට කඳුළු එනවා. ඒ අපිමයි. මේ රටේ අපේම පරම්පරාවක මිනිස්සු.  අපි අධ්‍යාපනය, විද්‍යාව, තාක්ෂණය ගැන ගමෙන් ගමට ඉස්කෝල ඇරගෙන ඉගැන්නුවත් මේ මිනිස් සංස්කෘතියට ඒකෙන් ලැබිලා තියෙන දායාදය මොකක්ද? අපේ අධ්‍යාපන ක්‍රමයේ බරපතල ප්‍රශ්නයක් මිනරෙට්ස් ඇතුලෙ කතා වෙනවා. 


මොහිදින් බෙග් ඊයෙ ඉඳන් මගේ වීරයෙක් වුනා. ඒ සංස්කෘතික තරණය තනිකරම තමන්ගේ කලාවෙ අයිතිය වෙනුවෙන් කළ එකක්. මුස්ලිම් සංගීතයේ උරුමය කර‍ තියාගෙන එයා බෞද්ධ සංස්කෘතිය ඇතුලට පලා යනවා. එහෙම නොවුනා නම් ඒ සංගීතය මේ රටට සදහටම අහිමි වෙනවා. ලා‍ංකේය සංගීතයේ ඓතිහාසික විප්ලවකරුවෙක් බෙග් කියන්නෙ.

‍බෙග් ඉස් බෙග්. දෙයාර් ඊස් නෝ අදර් බෙග්
- අජිත් කුමාරසිරි එහෙම කියනවා.

මිනරෙට්ස් මේ වෙලාවෙ බලන්නම ඕන චිත්‍රපටියක්. මේ ආගමික වාරණය දැන් සුළුතරයෙන් බහුතර ආගම්වලටත් පැතිරෙමින් තියෙනවා. ආගම විසින් අපි දිනාගත් මානව අයිතිවාසිකම් අපිට අහිමි කරමින් තියෙනවා. අපේ සංස්කෘතික අයිතීන් අපේ ලෞකික අයිතීන් අපිට අහිමි කරමින් තියෙනවා.

මේකට අපි ඉඩ දිය යුතුද?

(මිනරෙට්ස් බලන්න පුළුවන් pvr එකේ හවස 5.45ට, ඉක්මන් කළොත්)

386356852 10168170319220603 3243036841993308615 n

Chinthana D

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්