අරාබි වසන්තයේ ඉඳල වෝල් ස්ට්‍රීට් හරහා ගෝල්ෆේස් අරගලය දක්වා සියලු සමකාලීන අරගල ගත්තම ඒවායේ තිබ්බ යම්කිසි රිද්මයක්.

ඒ රිද්මය එක අතකට ඒ වෙලාවේ හිටපු පාලකයින්ට තේරුණේ නැති නිසා විශාල විනාශයක් එයාල එයාලගේ පැත්තෙන් කරගත්ත. 

අනෙක් පැත්තෙන් මේ රිද්මය තේරුම් නොගත්ත අරගලයේ කොටස් වලට මේක අවසාන අරමුණක් වෙනුවෙන් මෙහෙවන්න සුදානම නැති වුණා. හැමෝම බලාගෙන හිටිය. හැමෝගෙම මහන්සිය වතුරේ ගියා. ගොඩක් වෙලාවට අරමුණු හයිජැක් උණා.  

අපිට විතරක් නෙවෙයි ගොඩක් රටවල්වලටත් මේ රිද්මය (rhythm) සහ මාර්ගය (trajectory) තෝරා බේරා ගන්න බැරි වෙච්ච නිසා ඒවායේ මහන්සියත් වතුරේ ගියා කියල කියන්න පුළුවන්.

ඒ නිසා දැන් යුරෝපයේ බුද්ධිමතුන් අතරේ අලුත් කතාබහක් ඇතිවෙලා තියනවා මේ තරුණ ක්‍රමවිරෝධී අරගලවල අනුක්‍රමික බව, ගලායන මාර්ගය සහ රිද්මය ගැන. 

ධනවාදය යටතේම දිගහැරෙන සමාජ මාධ්‍ය යනු තවත් බල කේන්ද්‍රයක ආරම්භයක්ද, කේන්ද්‍රයක් නොමැති අන්තර්ජාලයට කේන්ද්‍රයක් නිෂ්පාදනය කරන්නේ සමාජ මාධ්‍ය විසින් ද, අන්තර්ජාලයට අවිඥාණයක් ඇත්ද වැනි අධ්‍යයන මේ වනවිට යුරෝපයේ ජනප්‍රිය වෙන්න හේතුව මේ නව අරගල මාදිලියේ ආරම්භය නිසා වෙන්න පුළුවන්..

මේ ඒ සඳහා ආරම්භයක්....


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්