රනිල්ට ලැබුණු වින්ඩොව් ඔෆ් ඔපචුනිටි ඒක දැන් වේගයෙන් ගෙවෙමින් තිබෙනවා.

රොහාන් සමරජීවලා, ධනනාත් ප්‍රනාන්දුලා, රසික ජයකොඩිලා, චින්තන ධර්මදාසලා වැනි ලිබරල් ආර්ථික ඔස්තාර්ලා සද්දෙ වහලා හොර පූසෝ වගේ ඉන්නේ ඒකයි. හිතූ ආකාරයට ආයෝජකයන් එන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ හදපු වංචා හෝ දූෂණ සමයම නිසා එන්න හිටි එකෙකුවත් එන්නේ නැහැ. හිතූ ආකාරයට ණය ගන්නත් බැහැ. මොන තියරිය දැම්මත් අපනයන ආදායම වැඩි කරන්නත් බැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙන්වාගෙන රෝලෙන් රට දුවන්නේ සංචාරක ආදායම සහ ප්‍රේෂණ නිසයි. ඒ දෙකට හෝ එකකට හෝ කිසියම් බාහිර හෝ අභ්‍යන්තර වින්නැහියක් වුණොත්/කළොත් බඩු බනිස් වෙනවා.

උදාහරණයක් ලෙස නියඟය තව මාසයක් දෙකක් ඇල්ලුවොත් ජලය සහ විදුලිය අතර අර්බුදය තීව්‍ර වෙනවා. දැන් ඉන්න පරම්පරාවට කන්න නැති වුණත් විදුලිය තිබිය යුතුයි. චන්ද්‍රිකාගේ කාලේ නියඟයක් ඇවිල්ලා වරු ගණන් විදුලිය කැපුවා. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. ඉස්පිරිතාලවලවත් විදුලිය තිබුණේ නැහැ. කරූ ජයසූරියට මිනිස්සු කිව්වේ “කරුවල ජයසූරිය” කියලා. එජාප ආණ්ඩුවේ විදුලිබල ඇමති හැටියට එයාගේ කාලෙත් වරු ගණන් විදුලිය කැපුවා. ඒ අමාරුකම් ඉවසන්න අපට හයියක් තිබුණා.

මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරලා අලුතෙන් විදුලි බලාගාර හැදුවා. තව හදන්න සැලසුම් කරලා තිබුණා. යහපාලනය ඇවිල්ලා ඒ සේරම කෑවා. දැන් අවශ්‍යතාවයට සරිලන්න විදුලිය දෙන්න බැහැ. නොදුන්නොත් මුන් ගෝල්ෆේස් ගිහිල්ලා තණ බිස්සෙ පෙරලි පෙරලි හොටු පෙර පෙර අඬනවා. යහපාලනය කාලේ වගේ රවී කරුණානායකට විදුලි ජනන නැව් ගෙන්නලා විදුලිය දෙන්න සල්ලිත් නැහැ. ගෝඨාභය උත්සාහ කළ විදිහට පුනර්ජනනීය බලශක්තිය හදාගත්තා නම් ජාම බේරගන්න තිබුණා. දැන් පරක්කුයි.

ජවිපෙ හිතපු විදිහට අරගලයෙන් ඔවුන්ට රාජ්‍ය බලය අල්ලගන්න බැරි වුණා. ගෝඨාභය ගිය ගමන් ඊනියා අරගලය ඉවර වුණා. ජවිපෙ තනි වුණා. ඒකයි සුනිල් වටගල නහයෙන් අඬ අඬ කියන්නේ අරගලයේ සටන් පාඨ වැරදියි කියලා. ඔවුන් ඒ වැරදි තේරුම් අරගෙන තිබෙනවා. ඊළඟ මහා අරගලයට ඔවුන් දැන් සූදානම් වෙනවා. ජූලි චන්ග් මේ දවස්වල් රට වටේ ට්‍රිප් යනවා. ඉරාකයට ලිබියාවට සිරියාවට ඇෆ්ගනිස්ථානයට කරපු විනාශය ලංකාවට හරියටම කරන්න කලින් ලංකාවේ ආස්වාදය අන්තිම වතාවට අත්විඳිනවා වෙන්ට ඇති.

Ella Odysse 1000px 2023 07 0620

ජෙනරල් කමල් ගුණරත්නගේ ‘ලොවීනා‘

රනිල් තමන්ගේ පුටුවේ කොම්ෆර්ට් වේගෙන එනවා. ඒක තමයි එයා කරගන්න ලොකුම මෝඩකම. එයා තාම වැල් පාලම මැද්දේ ඉන්නේ. රාජ්‍යය ආරක්ෂා කරගන්න බැරි වුණ ආරක්ෂක ලේකම් කාගෙත් අයියා කමල් කයියා තාම එතන ඉන්නවා. එයා "ලොවීනා" කියලා මියුසික් වීඩියෝ එකක් හදලා උත්සවයක් තියලා ඒක ලෝන්ච් කරනවා… 21 වන සියවසේ ස්ටේජ් උඩ මියුසික් වීඩියෝ ලෝන්ච් කරන්නේ කවුද… දැක්කයින් දැක්කේ නැහැ එහෙම තමන් ගැන ලෝක අධිතක්සේරුවක ඉන්න මෝඩ චූන් සුරංගනා පැංචෙක්. හමුදාවට අණ දෙන්න බැරුව හිටිය ශවේන්ද්‍ර සිල්වත් ඉන්නවා. බුද්ධි අංශයක් කියලා එකක් තිබුණට මෙලෝ වැඩක් නැති ප්‍රධානියත් තාම ඉන්නවා. මේ අයත් එක්ක රනිල් බේරිලා හිටියොත් පුදුමයක්.



කොහොමත් ලංකාව දේශපාලනිකව අස්ථාවර කරලා තවත් දශක ගණනාවක් ඇදෙන අභ්‍යන්තර සිවිල් අර්බුදයක් හදලා මිසක් ඇමරිකාව පස්ස බලන්නේ නැහැ. තමන්ට ගෙඩියම කන්න බැරි නම් ඇමරිකාවට කන්න දෙන්නෙත් නැහැ චීනය. අමාරුම වෙලාවේ ඩොලර් බිලියන ගණන් ආධාර කරලත් ලංකාවේ මෝඩ වැසියන්ට වැඩේ ගොඩදාගන්න බැරි වුණා කියලා හිතන ඉන්දියාවත් ඉන්නේ දෙගිඩියාවක. සෞභාග්‍යයේ දැක්ම අතරමගින් කඩලා දැම්මට පස්සේ දැන් රටට කිසිම දැක්මක් නැහැ. අරමුණක් නැහැ. රුවල බිඳිච්ච නැවක් වගේ මුහුද මැද්දෙ ඒ පැත්තට මේ පැත්තට පාවෙනවා. මේක තමයි අරාජිකත්වය.

ඊළඟ අරගලය එන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එකතු වෙමින් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ට්‍රිගර් එකක් පමණයි.

ජවිපෙ හැරෙන්න වෙන කිසිම පක්ෂයක් මේ අවදානම ගැන හරියට විශ්ලේෂණය කර තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. අරගලයට ආණ්ඩු බලය අල්ලන්න බැරි වුණේ හමුදා බලය තමන්ට ගන්න බැරි වූ නිසා කියා අනුරගේ කටින් පිටවෙන්නේ ඔවුන්ගේ ඒ ඊළඟ සැලසුම. ගිය වර වුණු වැරදි මෙවර ජවිපෙ කරන එකක් නැහැ. එක්කෝ ජවිපෙ සන්නද්ධ අරගලයකින් බලය අල්ලයි. නැත්තන් නැවත වාරයක් තහනම් වෙයි. ඒ දෙකෙන් මොක වුණත් රට විනාශයි. මම නම් ප්‍රාර්ථනා කරන්නේ මා වැරදි වේවා කියාය. හදිස්සියේවත් හරි ගියොත් මේ පාර මුලින්ම ගිනි තියන්නේ ගියපාර අරගලයට ස්පොන්සර් කරපු ධනවතුන්ගේ, නළු නිළියන්ගේ, ගායක ගායිකාවන්ගේ, ක්‍රිකට් සෙල්ලම්කාරයන්ගේ නිවාස. අරගලයේ අග්‍රඵලය තාම බිමට වැටුණේ නැහැ.

කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න.

ධර්මය අපට මග වේවා!


පොහොට්ටුව - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 අගෝස්තු 8


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image