රනිල් වික්‍රමසිංහ මහත්තයා ආසියාන් සමුළුවේ කරපු කතාව වැදගත් එකක්.
එයාගේ ඉතිහාස දැනුම එක්ක ඒ කතාවෙන් අමුතු ආලෝකයක් සාවධාන අසන්නෙකුට ගන්න පුළුවන්.
එයා කිව්වේ මෙහෙම දෙයක්. මහාවිහාරයෙන් පටන් ගත්ත අපේ ඉතිහාස සම්බන්දතා ඈත පෙරදිග දක්වා ගමන් කළා කියන එක. විශේෂයෙන් ඒ ඔස්සේ ම අපි නැවත හිතුවොත් ආසියාන් කලාපයට අලුතෙන් ගිවිසුම් ගතවෙන්න නියමිත ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල උදව් අපිට ඕනි කියන එක. ඉන්දුනිසියාව දක්වා අපේ බෞද්ධ සම්බන්දකම් අරගෙන ගිහිල්ල ජපානය දක්වා යන්න ඕනි කියන එක සහ එයාලගේ සංවර්ධන අභිලාශ අපේත් අභිලාශ කරගන්න ඕනි කියන එක.
ඩඩ්ලි ගේ යුගයේ අපිට ආසියාන් එක්ක එකතු වෙන්න බැරිවුණේ මහා භාණ්ඩාගාරයේ හිටපු ගොබ්බ නිලධාරීන් කීප දෙනෙක් නිසා කියන එක. සහ අපි නොබැඳි සමුළුව එක්ක ඉන්නකොට ආසියාන් වලට ගියොත් අපි නොබැඳි එකෙන් කොන්වෙයි කියල ඩඩ්ලි බය කළා කියල රනිල් මතක් කළා. නිලධාරීන් නම් දැනුත් එහෙමයි.
නමුත් ආසියාන් එක්ක බැඳුනු ඔක්කොම රටවල් 1960 තරම් ඈතකදී තමන්ගේ ආර්ථිකය විවෘත කරගත්ත කියල රනිල් මතක් කළා. හැබැයි අපි ඊට අවුරුදු දෙකකට පස්සේ සමාජවාදයක් කරන්න ගිහිල්ල ප්‍රාග්ධන සංචිත බිංදුවට බැස්ස ගත්ත කියල. ඒ සියලු විවෘත වෙච්චි රටවල් වේගයෙන් දියුණු වෙනකොට අපි අවුරුදු පණහකට පස්සේ බංකොලොත් උණා. දැන් අපේ අසනීප සනීපයි.
රාජ්‍ය නායකයෙක්ට කරන්න පුළුවන් ඉතාම පැහැදිලි කතාවක් රනිල් ඒ කොලයක් වත් බලන්නේ නැතුව කළේ. නමුත් කවුරුත් ඒ කතාව උපුටල දක්වන්නේ වත් පරිවර්තනය කළේවත් නැහැ. එයා වැඩේ කලාට ඒ වැඩේට හරියන පහල පෙළක් නැහැ වැඩේ උස්සල ගන්න.
( උපුටා ගැනීම- Digital Action Arm වට්ස් ඇප් ගෘප් එකෙන්..)