The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණ නියෝගයක්

T

The Leader Desk

February 27, 2023 • 3:38 PM

ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණ නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව අඩංගු ගැසට් නිවේදනය
  • මෙම අතුරු තහනම් නියෝගය, මීට සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
  • මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති රෙගුලාසි, ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිරිසක් ගොනුකර ඇති රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය.
  • මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය, මීට සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති රෙගුලාසි, ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිරිසක් ගොනුකර ඇති රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එස්.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදි.

දෙසැම්බර් 14 වන දින ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින් එම ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන චන්දන අබේසුන්දර සහ රොමේෂ් ද සිල්වා මහත්වරු පෙනී සිටියහ.

klnjzdflsdගොනුකර තිබු පෙත්සම


ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදන පහතින්

ගැසට් නිවේදන 2310/26

ගැසට් නිවේදන 2310/27

ගැසට් නිවේදන 2310/28


සබැඳි පුවත් :

 

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...