The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චාමික ගුණසේකර : මංගල ටෙස්ට් තරගයෙන් රෝහලට

T

The Leader Desk

February 4, 2024 • 9:20 AM

චාමික ගුණසේකර : මංගල ටෙස්ට් තරගයෙන් රෝහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය මෙන්ම තමාගේ ද මංගල ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ
  • අද තෙවැනි දින තරගයේ උදය වරුවේදී නවීඩ් සඩ්රාන්ගේ වේග පන්දුවක් චාමිකගේ හිසේ වැදුනේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ 107 වැනි ඔ්වරයේදී.
  • නවීඩ්ගේ බවුන්සරයට චාමික හිස පහත් කළද ඔහු බලාපොරොත්තු වූ පරිදි පන්දුව ඉහළ නැංගේ නැහැ.
  • එය කෙළින් ම වැදුනේ චාමිකගේ හිස ආවරණයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

චාමික ගුණසේකර එස්.සී.සී. ක්‍රීඩාංගණයේ සිට අද රෝහලට රැගෙන ගියා. ඒ, පන්දුව හිස ආවරණයේ වැදීම නිසා හටගත් කම්පනය හේතුවෙන්.

අද තෙවැනි දින තරගයේ උදය වරුවේදී නවීඩ් සඩ්රාන්ගේ වේග පන්දුවක් චාමිකගේ හිසේ වැදුනේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ 107 වැනි ඔ්වරයේදී. නවීඩ්ගේ බවුන්සරයට චාමික හිස පහත් කළද ඔහු බලාපොරොත්තු වූ පරිදි පන්දුව ඉහළ නැංගේ නැහැ. එය කෙළින් ම වැදුනේ චාමිකගේ හිස ආවරණයේ.

ඉන්පසුවත් චාමික පිතිකරණයේ යෙදෙමින් හතරේ පහරක් පවා එල්ල කළ ද 110 වැනි ඔ්වරය වන විට ඔහු යම් අපහසුතාවකින් පෙළෙමින් හිස අල්ලා ගන්නා අයුරු දිස්වුනා.

චාමික පරීක්ෂා කිරීම සඳහා පිටියට පිවිසි කණ්ඩායමේ වෛද්‍ය මණ්ඩලය සමග ඔහු පිටියෙන් ඉවත් ගියේ ආපසු නොඑන්න.

ක්‍රීඩකයෙකු මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් විට Concussion Substitute ලෙස ආදේශ ක්‍රීඩකයෙකු යෙදවීමේ හැකියාව තිබෙන අතර ඒ අනුව කසුන් රාජිත කණ්ඩායමට එක්වුනා.

24 හැවිරිදි චාමික ගුණසේකර වහාම රෝහලට ගෙන ගොස් තිබෙන්නේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට බව වාර්තා වෙනවා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

ශ්‍රී ලංකාව 439ක් රැස්කර ගෙන ලකුණු 241ක් ඉදිරියෙන් - දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 35 යි

 

මැතිව්ස් හා චන්දිමාල් ශතකලාභීන්ගෙන් වාර්තාගත සබඳතාවක් 

ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287

 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...