leader s

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ (LPL) දී සිදුවූ බව පැවසෙන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාලු කණ්ඩායම, එනම් ගෝල් ටයිටන්ස්

(Galle Titans)  
කණ්ඩායමේ ප්‍රධානියකුට චෝදනා එල්ලවී ඇති අතර ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

ICC ACU හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශයේ සභාපති සර් රොනී ෆ්ලැනගන් සහ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලාංකිකයකු වන චෝදනා ලද ගාලු ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධානියා මේවනවිට විදෙස් හි පදිංචිව සිටින අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය ඔහුගේ ප්‍රශ්නකර ඇතැයි ද වාර්තාවේ.

මේ හේතුවෙන් චෝදනා ලද එම පුද්ගලයා පසුපස සිටින අදිසි හස්තයන් දැනටමත් කලබලයට පත්ව ඇතිබව පැවසේ.

දේශපාලකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය අතර පසුගිය සති කිහිපය තුල ආන්දෝලනයට තුඩු දුන් ගැටුමෙන් පසු ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් කළ අතර, ගාලූ ටයිටන්ස් කණ්ඩායමේ තරග පාවාදීමේ දූෂණ විමර්ශනය අනපේක්ෂිත පියවරකි.  

ඒ අනුව ක්‍රිකට් ක්ෂේත්‍රය උඩු යටිකුරු වන සිදූවීම් දාමයක් ඉදිරි සති කිහිපය තුලදී බලාපොරොත්තු විය හැකි බව ඉතා විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්