පාපන්දු ලෝකයේ විශිෂ්ටතම පුරාවෘත්ත ක්‍රීඩකයන් පිරිවරා ගත් වයස අවුරුදු 35න් ඉහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් මේ වසරේ ගිම්හානයේදී එංගලන්තයේ පැවැත්වෙනවා.

 

මේ අලුත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා FIFA ලෝක පාපන්දු කුසලානය මෙතෙක් දිනා ගත් කණ්ඩායම් අට වන එංගලන්තය, ආජන්ටිනාව, බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය හා උරුගුවේ යන රටවල් සහභාගි වනවා. ජූනි මස මුල සතියක් පුරා එක ම ක්‍රීඩාංගණයක තරග හතක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ස්ථානය තවමත් තීරණය කර නැතත් ප්‍රිමිය ලීගයේ ඉහළින් ම සිටින උතුරු එංගලන්ත ක්‍රීඩා සමාජ කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් දැන් සාකච්ඡා පැවැත්වෙනවා.

players press

 

මේ තරගාවලිය සංවිධානය කරන්නේ ලොව ඉහළ ම පෙලේ පාපන්දු ක්‍රීඩකයන් හා ක්‍රීඩා ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන සුපිරි ක්‍රීඩක සමූහය - Elite Players Group (EPG) - විසින්.


තරගාවලියට සහභාගි විය හැක්කේ වයස අවුරුදු 35 හෝ ඊට වැඩි ක්‍රීඩකයන්ට පමණක් වන අතර මේ ක්‍රීඩකයන් ඔවුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කර තිබිය යුතුයි. එසේත් නැත්නම් ඔවුන් ඉහළ ම පෙලේ පාපන්දු තරග 100ක් ක්‍රීඩා කර තිබීම අවශ්‍යයි.

 

වයස 35 ට වැඩි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඒ ඒ රටවල කණ්ඩායම් නායකත්වය දරන්නේ EPG නිර්මාතෘවරුන්.

 

generado 1685356508 9b 5fml2 1b94nrdmnlk qgtl5rj

Steve McManaman (එංගලන්තය), Esteban Cambiasso (ආජන්ටිනාව), Emerson (බ්‍රසීලය), Christian Karembeu (ප්‍රංශය), Kevin Kuranyi (ජර්මනිය), Marco Materazzi (ඉතාලිය), Michel Salgado (ස්පාඤ්ඤය) හා Diego Lugano (උරුගුවේ) එම
නායකයින්.

තරගාවලිය සඳහා නම් කර තිබෙන සංචිතවලට ‘බැරන් ඩි ඕර්’ සම්මානලාභීන් පස් දෙනෙක් ඇතුළත්ව සිටීම,විශේෂත්වයක් වන අතර එම හිටපු ‘බැලන් ඩි ඕර්’,ජයග්‍රාහකයන් වනුයේ එංගලන්තයේ Michael Owen, බ්‍රසීලයේ,Kaka, Ronaldinho, Rivaldo සහ ඉතාලියේ Fabio Cannavaro. එංගලන්තය දැනටමත් Ashley Cole, Joe Cole, Rio Ferdinand, David,James, Frank Lampard හා Robbie Fowler කණ්ඩායමට බඳවා,ගෙන සිටින බවට වාර්තා වෙනවා.

 foo78

 

මේ තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන,අනෙක් සුපිරි තරු අතර බ්‍රසීලයේ Cafu හා Roberto Carlos, ප්‍රංශයේ Thierry Henry හා Marcel Desailly සිටිනවා.

 

ආජන්ටිනාව Hernan Crespo හා Pablo Zabaleta සහභාගි කරගනු, ඇතැයි පැවසෙන අතර Mesut Ozil හා Sami Khedira ජර්මන්
ලැයිස්තුවට ඇතුළත්.

ස්පාඤ්ඤයේ සංචිතයට David Villa හා Carlos Puyol ඇතුළත්ව,සිටින අතර Francesco Totti ඉතාලි සංචිතයටත් Diego Forlan
උරුගුවේ සංචිතයටත් ලැයිස්තුගතව සිටිනවා.

 

 

තරග පිලකට 11 දෙනා බැගින් පැවැත්වෙනු ඇතත් ඒවා,ක්‍රීඩා කෙරෙනු ඇත්තේ මිනිත්තු 90ක කාලයක නොව,මිනිත්තු 70ක කාලයකදී. කණ්ඩායම්වලට ඔවුන්ගේ 18 දෙනාගේ සංචිතය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩකයන් විටින් විට ආදේශ කිරීමට අවස්ථාව ලැබෙනවා. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ජූනි 4 හා 5 දිනවලත්, අවසන් පූර්ව තරග දෙක ම ජූනි 8 වැනිදාත් පවත්වා අවසාන මහා තරගය ජූනි 11 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්