leader s

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට

(European GT4 Championship) සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, අද (10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගය ඉකුත් 05, 06 සහ 07 යන දිනවල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාලගමුව එම තරගයට සහභාගී විය.

ඩිලන්ත මාලගමුව අද උදෑසන 8.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර  ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සහ ඩිලන්ත මාලගමුව ගේ මිතුරෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව, මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 08 ක් යුරෝපයේ සහ තවත් මෝටර් රථ ධාවන තරග 02 ක් සදහා වශයෙන් මෝටර් රථ ධාවන තරග 10 ක් ඉතිරිව ඇති බවත් ඒවාට හොදින් පුහුණු වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් පැවසීය.

(dinamina.lk)

dilantha malagamuwa
 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්