leader s

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය කඩුළු 7කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (11) සමත් විය.


මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත් විය.

බැංගලූර් කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලසිස් ලකුණු 61ක් රැස්කර ගත්තේය.

 

Faf Du Plessis 1ෆෆ් ඩු ප්ලසිස් ලකුණු 61ක් රැස්කර ගත්තේය.
දිනේෂ් කාර්තික් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 53කි.

මුම්බායි පිල වෙනුවෙන් පන්දු යැවී ජස්ප්‍රිට් බුම්රා කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි මුම්බායි පිල පන්දුවාර 15යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

 

Kishan Rohitමුම්බායි පිල පන්දුවාර 15යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
මුම්බායි පිල වෙනුවෙන් ඉෂන් කිෂන් ලකුණු 69ක් රැස්කර ගත්තේ පන්දු 34කදීය.

සූර්ය කුමාර් යාදේව් පන්දු 19කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 52කි.‍

තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රා හිමිවිය.



(aruna.lk)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්