විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්

කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරග කිරීමට නියමිතව තිබේ.

මෙම තරගාවලිය අප්‍රේල් 25 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ලබන්නේ A කාණ්ඩය යටතේ ය.

ශ්‍රී ලංකා සංචිතයට නම් කළ නවක ක්‍රීඩිකාව කවුද ?

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා 15 හැවිරිදි ක්‍රීඩිකාවක් ද ඇතුලත් කර ඇත. ඇය නමින් ශෂිනි ගිම්හානි.

බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමු වුයේ දකුණු අප්‍රිකාවෙන් බිහිවූ හිටපු දඟ පන්දු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ ඉරියව්වට සමාන අයුරින් මෙම හුරුබුහුටි ක්‍රීඩිකාව පන්දු යැවීම නිසා ය.

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින තරගාවලියේදී කඩුලු 07ක් දවා ගැනීමට මෙම ක්‍රීඩිකාව සමත් වූවාය.

‘ඇයට අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන්’

මෙම 15 හැවිරිදි ක්‍රීඩිකාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරියක් ලෙස කටයුතු කරනු ලබන අප්සාරී තිලකරත්න පවසා සිටියේ ගිම්හානි සිය අත් දෙකෙන්ම පන්දු යැවීමට සමත්කම් දක්වන බවය.

ඇය චයිනමන් පන්දු යවන්නියක් බවත් වයස අවුරුදු 15ක් වුවද ක්‍රිකට් ක්‍රීඩාව ගැන හසල දැනුමක් ඇති ක්‍රීඩිකාවක් බවත් අප්සාරී තිලකරත්න වැඩිදුරටත් පැවසුවාය.

"රත්ගම දේවපතිරාජ විදුහලේ තමයි මේ දුව ඉගෙන ගන්නේ. විදුහලේ ක්‍රිකට් පුහුණුකරු තමයි අපිට ඇය ගැන මුලින්ම දැනුවත් කළේ."

"මෙයා චයිනාමන් බෝලර් කෙනෙක් වගේම එයාට අත්දෙකෙන්ම පන්දු යවන්න පුලුවන්. "

"අපේ ඩිවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එක යටතේ අවුරුදු දෙකක් මෙයා ගැන අපි අවධානයෙන් හිටියා. මොකද එයා පොඩි වයසේ ක්‍රීඩිකාවක් නිසා."

"මෙයා පාසලේ දී වගේම, ක්‍රීඩා සමාජ තරගාවලදී හොදින් දක්ෂතා දැක්වුවා. ඒ වගේම පසුගියදා අවසන් වූ තුන්කොන් එක්දින තරගාවලියේදීත් හොඳින් පන්දු යවලා කඩුලු ලබා ගත්තා."

zdfsdfee3

ශශිනි ගිම්හානි ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට ඉතිහාසයට එක්වීමට අවස්ථාව උදාවී ඇත

"ලෝකයේ මේ වගේ ප්ලේයර් කෙනෙක් නැහැ. මෙයා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා සංචිතයට නම් කරලා තියෙන්නේ. එයා අනාගතේ අපේ ප්‍රබල අවියක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා."

"ඒ වගේම මෙයාට ක්‍රිකට් ගැන හොඳ දැනුමක් තියෙනවා. ක්‍රිකට් ගැහුවා කියන එකම නෙමේ ඒ ගැන හොඳ දැනුමක් තිබීමම කුඩා වයසේ ක්‍රීඩිකාවක් හැටියට වටිනවා." අප්සාරි තිලකරත්න පැවසීය.

විශ්මි ගේ වාර්තාව බිඳ වැටෙයි ද?

ශශිනි ගිම්හානි ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට ඉතිහාසයට එක්වීමට අවස්ථාව උදාවී ඇත.

තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඇය මෙවර අබුඩාබි හි පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළහොත් එම වාර්තාවට උරුමකම් කීමට ඇය සමත් වන්නීය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන විශ්මි ගුණරත්න ය.

විශ්මි ගුණරත්න 2022 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිය පළමු පන්දුවාර විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කරන විට ඇයගේ වයස අවුරුදු 16කි.

(BBC සිංහල සේවය)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image