සෞදි අරාබියෙන් උපයන අතිවිශාල වැටුපට ස්තූතිවන්ත වන්නට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ලෝකයේ වැඩිම මුදලක් ගෙවනු ලබන ක්‍රීඩකයන්ගේ
ෆෝබ්ස් ලැයිස්තුවේ මුදුනේ තවමත් රැඳී සිටිනවා.
අලුත් ම Forbes ලැයිස්තුවට අනුව, රොනාල්ඩෝ පසුගිය මාස 12 ඇතුළත ඩොලර් මිලියන 260ක් උපයා තිබෙනවා. ඒ, අල්-නසර් සමග ඔහුගේ ක්‍රීඩා සමාජ කොන්ත්‍රාත්තුවෙන් ඩොලර් මිලියන 200ක් සහ පිටියෙන් පිට ඉපැයීම්වලින් ඩොලර් මිලියන 60ක් වශයෙන්.
සිය ක්‍රීඩා දිවියේ සැඳෑ සමයට පිවිසෙමින් සිටින 39 හැවිරිදි රොනාල්ඩෝ මෙවර සිවුවැනි වතාවටත් අභිබවා ගොස් සිටින්නේ වාසිදායක තුන් අවුරුදු ගිවිසුමකින් පසුගිය දෙසැම්බරයේ සෞදි LIV ගොල්ෆ් තරගමාලාවට එක්වූ ජෝන් රාම් හා ‘ඉන්ට මයාමි’ පාපන්දු ක්‍රීඩක ලිඔනල් මෙසී යන ක්‍රීඩකයන්ව.
සිය ක්‍රීඩා දිවියේ සැඳෑ සමයට පිවිසෙමින් සිටින 39 හැවිරිදි රොනාල්ඩෝ
රාම් ඩොලර් මිලියන 218ක් වන ඔහුගේ සම්පූර්ණ මුදල උපයා ගෙන තිබෙන්නේ ක්‍රීඩා වැටුප් වශයෙන් පමණක් ඩොලර් මිලියන 198ක් ලබා ගනිමින් බවට ෆෝබ්ස් සඟරාව ගණනය කර තිබෙන අතර මෙසීගේ ඩොලර් මිලියන 135න් මිලියන 70ක් ම ඔහු උපයා ගෙන තිබෙන්නේ පිටියෙන් පිට ගෙවීම්වලින්.
ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයන් 50 දෙනාගේ ෆෝබ්ස් ලැයිස්තුවේ සිටින සෞදියේ ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් කෙනෙකු වන රොනාල්ඩෝ, අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළේ 2023 ජනවාරි මාසයේ. මේ ක්‍රීඩා වාරයේදී එම ක්‍රීඩා සමාජය සෞදි වෘත්තීය පාපන්දු ලීගය අවසන් කිරීමට නියමිතව සිටින්නේ අල්-හිලාල් කණ්ඩායමට පිටුපසින් දෙවැනියට.
ෆෝබ්ස් සඟරාවට අනුව ප්‍රථම වතාවට, ලොව වැඩිම වැටුප් උපයන ක්‍රීඩකයන් දස දෙනා ඩොලර් මිලියන 100කට වැඩියෙන් බැගින් වන මට්ටමට පිවිස සිටින අතර ඔවුන්ගේ මේ මුදල්වල එකතුව වාර්තාගත ඩොලර් මිලියන 1.38ක්.
ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් 10 දෙනාට NBA වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩකයන් වන LeBron James, Giannis Antetokounmpo, Steph Curry සහ පාපන්දු ක්‍රීඩකයින් වන සෞදි අරාබියේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන Neymar, Karim Benzema සහ Kylian Mbappe ද ඇතුළත්ව සිටිනවා.
ලෝකයේ වැඩිම මුදලක් ගෙවන ෆෝබ්ස් ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළ ම 50 දෙනා අතරට කිසිම ක්‍රීඩිකාවක් මෙවර ඇතුළත්ව නැත්තේ 2019 වසරෙන් පසුව ප්‍රථම වතාවට. 2012 වසරේ සිට මේ දක්වා ෆෝබ්ස් ලැයිස්තුවේ ඉහළින්ම සිටින 50 දෙනා අතරට පිවිස තිබෙන්නේ Serena Williams, Maria Sharapova, Li Na සහ Naomi Osaka යන ටෙනිස් ක්‍රීඩිකාවන් පමණයි.

2024 ෆෝබ්ස් වැඩියෙන්ම ගෙවන ක්‍රීඩකයන් 10 දෙනා:
*Cristiano Ronaldo (පාපන්දු) - ඩොලර් මිලියන 260
*Jon Rahm (ගොල්ෆ්) - ඩොලර් මිලියන 218
*Lionel Messi (පාපන්දු) - ඩොලර් මිලියන 135
*LeBron James (බාස්කට්බෝල්) - ඩොලර් මිලියන 128.2
*Giannis Antetokounmpo (බාස්කට්බෝල්) - ඩොලර් මිලියන 111
*Kylian Mbappe (පාපන්දු) - ඩොලර් මිලියන 110
*Neymar (පාපන්දු) - ඩොලර් මිලියන 108
*Karim Benzema (පාපන්දු) - ඩොලර් මිලියන 106
*Steph Curry (බාස්කට්බෝල්) - ඩොලර් මිලියන 102
*Lamar Jackson (පාපන්දු) - ඩොලර් මිලියන 100.5
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






