leader s

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩම්වල පැවසීය.


ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් ට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව කී දොඩම්වල, එම කණ්ඩායමේ හිමිකාරත්වය වෙනත් පිරිසකට පැවරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියම කළේය.

(lankadeepa.lk -යොහාන් භාසුර)

සබැඳි පුවත :

LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්