leader s

ජූනි 1 වැනිදා ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් වෙත රතු එළියක් දල්වමින් බංග්ලාදේශය පරාජය කළ

තරගාවලියේ සමසත්කාරක රට වන අමෙරිකාවේ ක්‍රිකට් කණ්ඩායම සංක්‍රමණිකයන්, විවිධ ජාතීන් හා සංස්කෘතීන්ගෙන් මිශ්‍ර වී තිබෙනවා.

පහළොස් දෙනෙකුගෙන් යුත් අමෙරිකානු සංචිතයට ඉන්දියාව, පාකිස්තානය, නවසිලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල උපන් ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා. 

 

aarons stevanඈරෙන් ජෝන්ස් (Aaron Jones) සහ ස්ටීවන් ටේලර් (Steven Taylor)
අමෙරිකාව තුළ ම හැදී වැඩුනු ක්‍රීඩකයන් අතර නිව්යෝක් ප්‍රාන්තයේ ක්වීන්ස් නගරයේ උපත ලද උපනායක ඈරෙන් ජෝන්ස් (Aaron Jones) සහ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හයිලියා නගරයේ උපන් තුන් ඉරියව් ක්‍රීඩක ස්ටීවන් ටේලර් (Steven Taylor) සිටිනවා.

අතුරු සිදුරු නැතිව පිරී තිබෙන අමෙරිකානු ක්‍රීඩා වෙළඳ පොලේ ප්‍රධාන ලීග් ක්‍රිකට් - Major League Cricket (MLC) ක්‍රීඩාව ඔවුන්ගේ ස්ථානය ලබා ගැනීම සඳහා පොරකමින් සිටින අවධියකයි මේ හැදී වැඩෙන අමෙරිකානු විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමක් කරළියට පිවිසෙන්නේ. MLC විසින් අමෙරිකාව ට ඇදගත් විදෙස් ක්‍රීඩකයන්ගෙන් හා අමෙරිකාව තුළ වෘත්තීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දුන් දේශීය ක්‍රීඩකයන්ගෙන් සංචිතය සමන්විතව තිබෙනවා.

132dd560 0971 11ef a01f c1a4caf722f2මේ 33 හැවිරිදි ක්‍රීඩකයා වසර 2013 සිට 2018 දක්වා ආබාධවලින් සීමා වූ සිය ක්‍රීඩා දිවිය තුළ නවසිලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13ක්, ජාත්‍යන්තර එක්දින තරග 49ක් හා ජාත්‍යන්තර විස්සයි20 තරග 31ක් ක්‍රීඩා කර තිබෙනවා.

 

අමෙරිකානු කණ්ඩායමේ සිටින වඩාත්ම පිළිගැනීමට ලක්වූ ක්‍රීඩකයා වන්නේ හිටපු නවසිලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරී ඇන්ඩසන් (Corey Anderson). මේ 33 හැවිරිදි ක්‍රීඩකයා වසර 2013 සිට 2018 දක්වා ආබාධවලින් සීමා වූ සිය ක්‍රීඩා දිවිය තුළ නවසිලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13ක්, ජාත්‍යන්තර එක්දින තරග 49ක් හා ජාත්‍යන්තර විස්සයි20 තරග 31ක් ක්‍රීඩා කර තිබෙනවා.

2014 නව වසර උදාවූ දිනයේ නවසිලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී පන්දු 36කින් ශතකයක් වාර්තා කරමින් කොරී ඇන්ඩසන් ක්‍රිකට් ඉතිහාස පොතට ඇතුළත් වුනා. ඔහු ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, කැරිබියන් දූපත් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ T20 ලීගයන්ට ක්‍රීඩා කිරීමෙන් පසුවයි ඔහු San Francisco Unicorns ක්‍රිකට් සමාජය තම වර්තමාන නිවහන කරගෙන සිටින්නේ.

ඇන්ඩසන් අමෙරිකාව වෙනුවෙන් සිය ප්‍රථම අර්ධ ශතකය වාර්තා කළේ පසුගිය මාසයේ කැනඩාව ට එරෙහිව පැවති විස්සයි20 තරගයේ.

 

singh aබංග්ලාදේශය පරාජය කළ තරගයේදී ඔහු මුහුණ දුන් පන්දු 13න් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තේ නොදැවී ලකුණු 34ක් රැස් කළ ඇන්ඩසන් සමග නොබිඳුනු ලකුණු 62ක ජයග්‍රාහී සබඳතාවක් පිහිටුවමින්

මුම්බායි හි උපත ලැබ ඉන්දියාව වෙනුවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියන් දෙකකට ක්‍රිඩා කළ හාමීට් සිං (Harmeet Singh) ලෝක ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ සිටින අමෙරිකානු කණ්ඩායමේ සිටින බලාපොරොත්තු තැබිය හැකි තවත් ක්‍රීඩකයෙක්. බංග්ලාදේශය පරාජය කළ තරගයේදී ඔහු මුහුණ දුන් පන්දු 13න් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තේ නොදැවී ලකුණු 34ක් රැස් කළ ඇන්ඩසන් සමග නොබිඳුනු ලකුණු 62ක ජයග්‍රාහී සබඳතාවක් පිහිටුවමින්.

us 6tබංග්ලාදේශය ට එරෙහි ජයග්‍රහණය

 

හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටුවර්ට් ලෝ (Stuart Law) පුහුණුකරු ලෙස කටයුතු කරන අමෙරිකානු සංචිතයේ සිටින විදේශයක උපන් අනෙකුත් ක්‍රීඩකයන් අතර තවත් කෙනෙකි වේග පන්දු යවන අලි ඛාන් (Ali Khan). ඔහු තමන්ගේ මව්පියන් සමග පාකිස්තානයේ සිට අමෙරිකාව ට පැමිණ තිබෙන්නේ ඔහුට වයස අවුරුදු 18දී.

පළමු වතාවට 2016 වසරේදී අමෙරිකානු කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු ඉන්දියා ප්‍රිමිය ලීගය (අයි.පී.එල්.), කැරිබියන් ප්‍රිමිය ලීගය, පාකිස්තාන ප්‍රිමිය ලීගය, ඇෆ්ගනිස්තාන් ප්‍රිමිය ලීගය මෙන්ම ගෝලීය T20 කැනඩාව කණ්ඩායමට ද ක්‍රීඩා කර තිබෙනවා.

 

patelඅමෙරිකානු කණ්ඩායමේ නායකයා වන කඩුලු රකින-පිතිකරු මොනික් පටෙල් (Monank Patel) උපත ලැබුවේ ඉන්දියාවේ.
අමෙරිකානු කණ්ඩායමේ නායකයා වන කඩුලු රකින-පිතිකරු මොනික් පටෙල් (Monank Patel) උපත ලැබුවේ ඉන්දියාවේ. 2016 වසරේදී ස්ථිර වශයෙන් අමෙරිකාව ට පැමිණි ඔහු පදිංචිය සඳහා තෝරා ගත්තේ නිව් ජර්සි ප්‍රාන්තය. ඉන්දියාවේදී ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් කණිෂ්ඨ මට්ටමෙන් ක්‍රීඩා කළ ඔහු අමෙරිකාව නියෝජනය කළ ජාත්‍යන්තර එක්දින තරග 47 හා ජාත්‍යන්තර T20 තරග 23න් ප්‍රථම තරගයට සහභාගි වූයේ 2019 වසරේ දී.

අමෙරිකානු කණ්ඩායමේ සිටින තවත් කඩුලු රකින-පිතිකරුවකු වන ඈන්ඩ්‍රීස් ගෝස් (Andries Gous) මෙලොව එළිය දුටුවේ දකුණු අප්‍රිකාවේ වෙල්කොම් නගරයේ. දකුණු අප්‍රිකාවේදී අවුරුදු 19න් පහළ මට්ටමේ ක්‍රීඩා කළ ඔහු 2021 වසරේදී නැවත අමෙරිකාවේ පදිංචියට පැමිණීමට පෙර පළමු පෙල තරග 60කට ක්‍රීඩා කළා.

 

කැනඩාව ට එරෙහිව මෑතකදී පැවති තරග පහකින් සමන්විත තරගමාලාව
කැනඩාව ට එරෙහිව මෑතකදී පැවති තරග පහකින් සමන්විත තරගමාලාවේදී අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් වූයේ ගෝස් හා පටෙල්.

තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන ක්‍රීඩක මිලින්ද් කුමාර් (Milind Kumar) ඉන්දියාවේ උපත ලැබූ තවත් ක්‍රීඩකයෙක්. අමෙරිකාව තමාගේ ස්ථිර පදිංචිය කර ගැනීමට පෙර ඔහු දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පළමු පෙල තරග 60කට ක්‍රීඩා කර ශතක නවයක් වාර්තා කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්