leader s

17 හැවිරිදි ලූක් ලිට්ල (Luke Littler) ප්‍රිමිය ලීග් 2024 ඩාට්ස් කිරුළ දිනා ගනිමින් ඔහුගේ පළමු ප්‍රධාන ඩාට්ස් ශූරතාව හිමිකර ගැනීමට සමත් වුනා.


ඔහු මේ ශූරතාව දිනා ගත්තේ ප්‍රිමිය ලීග් ඩාට්ස් ශූරතාවලියේ අවසාන තරගයේදී Luke Humphries පරාජය කරමින්. මේ වසර මුල පැවති ඩාට්ස් ලෝක ශූරතාවලියේ අවසාන තරගයේදී ලිට්ල පැරදුනේ මේ ප්‍රතිවාදියාට.

 



ඩාට්ස් ලෝකයේ ආදරය දිනා ගෙන සිටින මේ ළාබාල ක්‍රීඩකයා ලන්ඩනයේ O2 Arena හි දී විස්මිත ක්‍රීඩාවකින් Humphries 11-7කින් පරදවමින් පවුම් 275,000ක ත්‍යාගය හිමිකර ගත්තා.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අවසාන තරගයේදී ලිට්ල nine-dart හපන්කමක් පෑම විශේෂත්වයක්. ඒ සමග ඔහු, 2010 වසරේ ෆිල් ටේලර් (Phil Taylor) දෙවතාවක්ම එම විශිෂ්ට දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ප්‍රිමිය ලීග් අවසාන තරගයක නැවත එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත්වුනා.

වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යයමේ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් එක් ක්‍රීඩා ලෝලියෙක් ලූක් ලිට්ල හැඳින්වූයේ ‘ඩාට්ස් ක්‍රීඩාවේ පේලේ’ ලෙසින්.    

 

මේ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් එක් ක්‍රීඩා ලෝලියෙක් ලූක් ලිට්ල හැඳින්වූයේ ‘ඩාට්ස් ක්‍රීඩාවේ පේලේ’ ලෙසින්.    

14,000ක නරඹන්නන් පිරිසක් ඉදිරියේ ලැබූ මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් හැඟීම්බර වූ ලිට්ල තරගය අවසන් වූ සැණින් තම පෙම්වතිය Eloise Milburn වෙත දුව ගොස් ඇයව සිප වැළඳ ගත්තා.

 

පුවත් - Results from #6930මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් හැඟීම්බර වූ ලිට්ල තරගය අවසන් වූ සැණින් තම පෙම්වතිය Eloise Milburn වෙත දුව ගොස් ඇයව සිප වැළඳ ගත්තා.
The Nuke යනුවෙන් හඳුන්වනු ලබන මේ සුපිරි ක්‍රීඩකයා ඩාට්ස් ක්‍රීඩා ලෝකය ආක්‍රමණය කිරීම ඇරඹුවේ පසුගිය නත්තලේ සිට. එතැන් සිට ලිට්ල ජයග්‍රාහී මාවතේ ඉදිරියට ම ගමන් කරමින් සිටින්නේ ලෝක තරගමාලාවේ හා යුරෝපීය තරග සංචාරයේ ශූරතා දිනා ගනිමින්.

මීට දොළොස් මසකට පෙර ලිට්ල සිටියේ ඔහුගේ සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමින්. අද ලූක් ලිට්ල යනු එංගලන්තයේ සිටින වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා තරුවලින් එකක්.

c23d4c90 1950 11ef aeb1 e7512a538b16සති 16ක් තිස්සේ පැවති ප්‍රිමිය තරගාවලියේ ලීග් වටය අවසන් වන විට හොඳම ක්‍රීඩකයා බවට පත්ව සිටියේ ලිට්ල.

 

සති 16ක් තිස්සේ පැවති ප්‍රිමිය තරගාවලියේ ලීග් වටය අවසන් වන විට හොඳම ක්‍රීඩකයා බවට පත්ව සිටියේ ලිට්ල. එතැන් සිට අවසාන තරගය දක්වා ම ඔහුගෙන් ප්‍රදර්ශනය වූයේ නරඹන්නන් මන්මත් කරවන ක්‍රීඩාවක්. 

මෙවැනි දිගු කාලීන අභියෝගයකට ලිට්ල සූදානම්දැයි විවේචකයන් ප්‍රශ්න කර තිබූ අතර ඔවුන් සියළු දෙනාම වැරදි බව ලිට්ල ඔප්පු කළා.

“මා ගැන අවිශ්වාස කරන හැම කෙනෙකුටම මට එක දෙයක් කියන්න තියෙනවා” යැයි තරගය ජය ගැනීමෙන් පසුව ලිට්ල පැවසුවා. “හලෝ! මම දැන් මේ සෙල්ලම අල්ල ගෙන ඉවරයි. මින් ඉදිරියට ඔයාලා මං ගැන සැකයක් තියා ගන්න එකක් නැහැ.”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්