leader s

ජූනි 2වෙනිදා සුප්‍රීම් TV සහ සුප්‍රීම් TNL නාළිකාව ඔස්සේ කර්මා ෆයිට් ලීග් නම් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ දැවැන්තම සටන් ලීගය

විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ලෙසින් මෙන් ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් ලෙසින් සන්නාම ලත් ටෙල්ෂාන් රූපවාහිනී සේවය නොහොත් TNL මාධ්‍ය ජාලය වෙත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ඉතා දැවැන්ත ආයෝජනයක් කලේ පසුගිය මාර්තු මාසයේදීයි.

ඒ අනුව, සුප්‍රීම් මීඩියා සතු නව්‍ය තාක්ෂණය සමගින් වඩා පුළුල් මාධ්‍ය අවකාශයක් ආවරණය කරමින් දිවයින පුරා විසිරී පැතිරී සිටින රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට නැවුම් රූපවාහිනී අත්දැකීම් රැසක් ලබා දීමට සැලසුම්කර තිබෙනවා.

ඒ සැලසුම් අතර මූලික පියවරක් ලෙස කර්මා ෆයිට් ලීගය මෙම නාලිකා දෙක ඔස්සේම විකාශනය කිරීමට තීරණය කර තියනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රේක්ශකාගාරය මෙතෙක් නොදුටු අති උත්කර්ශවත් ක්‍රීඩා ලීගයේ සම නිර්මාතෘවරුන් වන්නේ තරුණ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සහ ඉතා තරුණ ව්‍යවසායකයෙකුයි.

ආසන සියල්ලම විකිණී හමාර වූ මෙය නැරඹීමට පැමිණි පිරිස අතර අති විශාල විදේශිකයන් සංඛ්‍යාවක් මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලොවේ තරු කිහිපයක්ද පැමිණි බව සඳහන් වෙනවා.

ඒ කාරණා සලකා බලන විට Karma Fight League යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩාස්වාදී සංස්කෘතියක ආරම්භයද කියා යමෙකුට සිතීමට පුලුවන්.



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්