2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මිලියන ගණන් ජනතාව ප්‍රමෝදයට පත් කළ පාපන්දුවේ වැඩියෙන්ම සරාගී
ක්‍රීඩා ලෝලියා ජර්මනියේ ලබන මස ඇරඹෙන Euro තරගාවලියේදීත් නරඹන්නන් පිනවනු ඇතැයි වාර්තා වනවා.
හිටපු ක්‍රොඒෂියා රූ රැජින වන ඉවානා ක්නොල් (Ivana Knoll) ඇගේ රටේ කණ්ඩායමට ‘චියර්’ කරන විට, අඟ පසඟ නිරාවරණය වන සේ ඇඳුම් පැළඳ ලිංගික හැඟීම් අවුස්සන අන්දමේ ඉරියව්වලින් සිටින ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ බෙදා ගත්තේ පාපන්දු ක්‍රීඩා ලෝලීන් පිස්සු වට්ටමින්.

ක්‍රොඒෂියාව තේමාව කර ගත් ඇඳුමෙන් පාපන්දු ලෝකයේ අවධානය ග්‍රහණය කර ගත් මේ 31 හැවිරිදි නිරූපිකාවට ‘පාපන්දුවේ වඩාත්ම සරාගී ක්‍රීඩා ලෝලියා’ යනුවෙන් නම පටබැඳී තිබෙනවා.
ඊජිප්තුව ට එරෙහිව පසුගිය මාසයේ පැවති මිත්‍ර තරගයෙන් ක්‍රොඒෂියාව ගෝල් 4-2කින් ජය ගැනීමෙන් පසුව ක්නොල් නැවත වතාවක් ක්‍රීඩා ලෝලීන් පිනවීමේ අරමුණින් ‘යුරෝ කුසලාන’ තරගවලට සහභාගි වීමට සූදානමින් පසුවනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පසුව ලොව වැඩියෙන්ම නරඹන තරගාවලිය වන්නේ Euro - යුරෝපීය පාපන්දු ශූරතාවලිය යි.

මේ සුරූපී කාන්තාව ක්‍රොඒෂියා වර්ණවලින් යුත් ඇඳුමින් සැරසී තරගයක් නරඹන සංකේතාත්මක ඡායාරූපයක් තමාගේ මිලියන තුනක් වන සමාජ මාධ්‍ය අනුගාමිකයන් අතර බෙදා ගෙන තිබෙන්නේ පිංතූරයට යටින් මෙසේ සඳහන් කරමින්: “අපි යූරෝ 2024 බලන්න යමු” - Let’s go for Euro 2024.
ඊට පසුව, ඇය කළු පාට බිකිනියක් පැළඳ සිටින ඡායාරූපයක්, “මාස දෙකකින් යුරෝපයේදී හමුවෙමු” – Europe in 2 months - යන කැප්ෂනයත් සමග පළ කිරීමත් සමග ඇවිලෙන ගින්නට පිදුරු දැමුනා.
පාපන්දු ලෝලීන් පුල පුලා බලා සිටි ‘යුරෝ’ තරගාවලියේදී නරඹන්නන් සතුටු කිරීම පිණිස තමා යුරෝපයේ සංචාරය කරන බව ඇය දැන් ස්ථිර වශයෙන් ම කියා තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් මේ නිරූපිකාව මෙසේ ලියා තිබෙනවා: “මම යුරෝවලට යනවා. තරගවලදී හමුවෙමු” – I am going to the Euros. See you all at the matches.
සියළුම ප්‍රවේශ පත් තමා මිලදී ගෙන ඇති බවත් ක්‍රොඒෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
“මගේ ක්‍රොඒෂියාවේ මූලික වට තරග තුනටම ටිකට් මා ළඟ තියෙනවා. ඔවුන් ඉන් ඉදිරියට ගියොත්, එතනත් මම නොවරදවාම ඉන්නවා!”
මේ සරාගී නිරූපිකාව යාන්තමට හෝ මොහොතකට දැක ගැනීමේ ආශාවෙන් ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ, ස්පාඤ්ඤය ට එරෙහිව ක්‍රොඒෂියාව ඔවුන්ගේ Euro 2024 මෙහෙයුම ජූනි 15 වැනිදා දියත් කරන තෙක්.
ඉවානා ක්නොල් අලුතින් සොයා ගත් කීර්තියෙන් ඇය සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රියව සිටින්නේ ලෝක ප්‍රසිද්ධ නළු Leonardo DiCapricoගෙන් උත්සව ආරාධනා ලබමින් සහ විවිධ විලාසිතා රූපගත කිරීම්වලට ඇරයුම් ලබමින්.
පසුගිය වසරේ ලාස් වේගාස් හි පැවති Formula One ග්‍රොන් ප්‍රී තරගයට ද මේ සුරූපී කාන්තාව ප්‍රථම වරට සහභාගි වෙමින් නරඹන්නන් අමන්දානන්දයට පත් කළා.

කටාර් දේශයේදී 2022 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියක ක්නොල් පෙනී සිටි පළමු අවස්ථාව නෙවෙයි. මේ නිරූපිකාව ප්‍රථම වතාවට ක්‍රීඩාංගණයක නරඹන්නන් අතර සිටිනු දක්නට ලැබුනේ මීට වසර දහයකට පෙර බ්‍රසීලයේ පැවති 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී.
එහිදී ඇගේ බෝල්කන් දේශය මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනු බලා සිටින විටත් ඇය පැළඳ සිටියේ ක්‍රොඒෂියාව තේමාව කර ගත් උද්යෝගිමත් ඇඳුමක්.
නමුත් ඇය ආන්දෝලනාත්මක අයුරින් කැපී පෙනුනේ කටාර් නමැති ආගමික නීති රීතිවලින් බලසම්පන්න අරාබි රටේ කිසිම බියක් සැකක් නැතිව, ඇගේ සිරුරේ හැඩයන් නිරාවරණය වන සේ ඇඳුම් පැළඳ ඩෝහා නගරයේ සැරිසරන අයුරු කැමරාවන්ට හසුවීමෙන් පසුව.
ජනවාරියේ පැවති අමෙරිකාවේ ‘ෆ්ලොරිඩා තරග දිනය’ට රෝස පැහැති කොට ඇඳුමක් පැළඳ පෙනී සිටීම නිසා ඉවානා ක්නොල් ‘තුරඟ තරගවල වඩාත්ම සරාගී ක්‍රීඩා ලෝලියා’ බවට ද පත්වුනා.
තමාගේ සජීවී සෞන්දර්යාත්මක රූපගත කිරීමක් වෙනුවෙන් පසුගිය වසර අවසානයේ ඇය ‘තනපට-රහිත සමාජය’ (no-bra club) ට බැඳුනේ ක්‍රීඩා ලෝලින් අන්දමන්ද කරමින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






