පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රුසියානු ක්‍රීඩකයන් විසින් සිදු කරන කිසිම ප්‍රකෝප කිරීමකට අවධානය යොමු නොකර සන්සුන්ව සිටින ලෙසට යුක්රේන් ක්‍රීඩකයන්ට උපදෙස් දී තිබෙනවා.
රුසියාව ඔවුන්ගේ ප්‍රචාරක මෙහෙයුමේ කොටසක් ලෙස පැරිසියට යන ඔවුන්ගේ ක්‍රීඩකයන් පාවිච්චි කිරීමට ඉඩ තිබෙන බැවින් මතභේදයන්ට පැටලීමෙන් මඟහැර සිටින ලෙසට යුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමති Matviy Bidnyi සිය රටේ ක්‍රීඩකයන්ට අවවාද කරනවා.
යුක්රේන් කඩු සරඹ ක්‍රීඩිකා Olha Kharlan ඇගේ රුසියානු ප්‍රතිවාදිනිය සමග අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයව පසුගිය ජූලි මාසයේ පැවති ලෝක ශූරතාවලියෙන් නෙරපා දැමුනා. එවැනි දෙයක් නැවත සිදුවුවහොත් එය තමන් ලද ජයග්‍රහණයක් බවට රුසියානුවන් ප්‍රතාශ කරනු ඇතැයි යන කාරණය පිළිබඳව යුක්රේනයේ අවධානය යොමුව තිබෙනවා.
යුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමති Matviy Bidnyi
මධ්‍යස්ථ ක්‍රීඩකයෙකු ලෙස තරග කරන රුසියානුවෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී යුක්රේන් ක්‍රීඩකයෙකුගෙන් ප්‍රතිචාර ලබා ගැනීම ඉලක්ක කර යම් පොළඹවන දෙයක් සිදු කළහොත් නියම ආකාරයෙන් තැන්පත්ව ඊට ප්‍රතිචාර දක්වන ලෙස Bidnyi කියා සිටිනවා.
“මේ ප්‍රකෝපනය ඔවුන් කරන්නේ සිතාමතා බව තේරුම් ගන්න. සන්සුන් මනසකින් යුතුව ඒ ප්‍රකෝප කිරීම නොසලකා හරින්න” යනුවෙන් ඔහු අවවාද දෙනවා. එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට යුක්රේනය සූදානම්ව සිටිය ද, එවැනි සිද්ධියක් උග්‍ර තත්ත්වයකට ගෙන යාම සඳහා යුක්රේන් ක්‍රීඩකයන් ඉත්තන් බවට පත්නොවනු ඇතැයි ඔහු පවසනවා. “රුසියානුවන් කරන්නේ මොකක්ද කියලා අපි බලමු. අපේ ක්‍රීඩකයන්ට ඒකට ලෑස්තියි.''
Kharlan ට 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අහිමි වන ලකුණු පහළව තිබුන ද, ඇයට ලබන අගෝස්තුවේදී ඔලිම්පික් තරග බිමට පිවිසීමට අවස්ථාව ලැබී තිබෙනවා.
ලෝක ශූරතාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව Kharlan ට නියත වශයෙන් ම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අහිමි වන ලකුණු පහළව තිබුන ද, ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach ඇයව දඩුවමෙන් මුදවා තිබෙන බැවින් ඇයට ලබන අගෝස්තුවේදී ඔලිම්පික් තරග බිමට පිවිසීමට අවස්ථාව ලැබී තිබෙනවා.
යුක්රේන් ක්‍රීඩකයන් රුසියානු ක්‍රීඩකයන් සමග අන්‍යෝන්‍යව කටයුතු කළ යුත්තේ අවසර දී තිබෙන අවම මට්ටමෙන් පමණක් බවට යුක්රේනය ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට තරයේ උපදෙස් දී තිබෙනවා.
යුක්රේන් ක්‍රීඩකයන් රුසියානු ක්‍රීඩකයන් සමග අන්‍යෝන්‍යව කටයුතු කළ යුත්තේ අවසර දී තිබෙන අවම මට්ටමෙන් පමණක් බවට යුක්රේනය ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට තරයේ උපදෙස් දී තිබෙනවා. යුක්රේනය මූලිකත්වය දී තිබෙන්නේ ඔවුන්ගේ ක්‍රිඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. සෘණාත්මක වශයෙන් ඔවුන් වෙත අවධානය ඇද ගැනීමට යුක්රේනයට කැමැත්තක් නැහැ.
“අපි රුසියානු ක්‍රීඩයන්ව සලකන්නේ ඔවුන් දෙමුහුන් බලපෑමක ඒජන්තයන් හැටියටයි” යුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරනවා.
ඔවුන්ගේ ජාතික ධජය යටතේ මාධ්‍යවේදීන්ටවත් ඔලිම්පික් උළෙලේ පෙනී සිටින්න බැහැ.
“රුසියාව යුද්ධය පටන් ගන්නේත් යුද්ධය කරගෙන යන්නේත් මේ ආකාරයට කියා අපි තේරුම් ගෙන ඉන්නවා. ඔවුන් අපේ සිතිවිලිවලට බලපෑම් ඇති කරන්නේත් ඒවා හසුරවන්නේත් කෙසේද කියා අපි දන්නවා. ක්‍රීඩාව රුසියානුවන්ගේ ප්‍රචාරක කටයුතුවල ඉතාම වැදගත් අංගයක්. ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් කර තබා ගැනීම සඳහා අපි ලෝකයට ගොඩක් දේවල් කර තිබෙනවා. ඔවුන්ගේ ජාතික ධජය යටතේ මාධ්‍යවේදීන්ටවත් ඔලිම්පික් උළෙලේ පෙනී සිටින්න බැහැ. රුසියානු කොඩිය නුසුදුසු බවටත් එය ජාත්‍යන්තර ඉසව්වකදී පිලිගත නොහැකි බවටත් මෙය සාක්ෂියක් වන අතර එය ඉතාම ප්‍රබල සංකේතාත්මක සිද්ධියක්.”
යුක්රේනය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට තීරණය කර තිබෙන්නේ මේ ආදර්ශ පාඨයෙන් බවට දැන් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
“ජයග්‍රහණයේ අධිෂ්ඨානය!”
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






