leader s

ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ අඩුපාඩුව පියවීම සඳහා එහි ආධාරක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද ක්‍රීඩා කිරීමට සිදුවූ පුවතක්

ලෝක කුසලාන ක්‍රිකට් පොත්වලට එක් කරන්නේ අපූරු කතාවක්.

ජූනි 1 වැනිදා ආරම්භ වන 2024 විස්සයි20 – T20 - ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස කැරිබියන් දූපත්වලට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නැමීබියාව සමග පැවති ඔවුන්ගේ පළමු පෙරහුරු තරගයේ ක්‍රීඩා කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන තේරීම් නිලධාරියාට සහ පන්දු රැකීමේ පුහුණුකරු ට ද පිටියට පිවිසීමට සිදුවුනා. කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ට ම නියමිත වේලාවට කැරිබියන්වලට පැමිණීමට නොහැකි වීම ඊට හේතුව යි.

ඊයේ පැවති මේ තරගය ඔස්ට්‍රේලියාව කඩුලු හතකින් ජය ගත් අතර මෙය ට්‍රිනිඩෑඩ් හි පෝට් ඔෆ් ස්පේන් නගරයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන පෙරහුරු තරග දෙකෙන් පළමුවැන්න යි.

කෙසේ වෙතත්, ඇත්ත වශයෙන්ම කාගේත් ඇස් උඩ ගියේ ප්‍රධාන තේරීම් නිලධාරී ජෝජ් බේලි (George Bailey) සහ පන්දු රැකීමේ පුහුණුකරු අන්ඩ්‍රේ ‌බෝරොවෙක් (Andre Borovec) ද ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි අවස්ථාවේ.

kjskdlfjr4

ක්‍රීඩකයන් 11 දෙනා වෙනුවට ඔස්ට්‍රේලියානුවන්ට සොයා ගත හැකි වූයේ ක්‍රීඩකයන් නව දෙනෙකු පමණ යි. ඔවුන්ගේ ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම ඉන්දියා ප්‍රිමිය ලීග් රාජකාරියෙන් පසුව ඒ වන විට පැමිණ සිටියේ නැහැ.

තරගයේ එක් අවස්ථාවකදී, බේලි හා බෝරොවෙක් සමග පිටියේ එක්වීමට ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් (Andrew McDonald) සහ පිතිකරණ උපදේශක බ්‍රැඩ් හොජ් (Brad Hodge) ට ද සිදුවූයේ නායක මිච් මාෂ් (Mitch Marsh) හා ජොෂ් හේසල්වුඩ් (Josh Hazlewood) පිටියෙන් පිටව කල්ගත කළ නිසා.

මෙහිදී නැමීබියාව ට ද සාධාරණයක් ඉටු කිරීම සඳහා පෙන්වා දිය යුතු කරුණක් වනුයේ, මෙ‌සේ අතිරේක ක්‍රීඩකයන් බවට පත්වූ ඔස්ට්‍රේලියානුවන් පවා එසේ මෙසේ අය නොවන බව.

41 හැවිරිදි බේලි ඔස්ට්‍රේලියාවේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන අතර 46 හැවිරිදි බෝරොවෙක් වික්ටෝරියානු ප්‍රිමිය ක්‍රිකට් තරගාවලියේ Geelong කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නෙක්.

ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ සාමාජිකයන් හය දෙනෙකු වන පැට් කමන්ස්, ට්‍රැවිස් හෙඩ්, මාකස් ස්ටොයිනස්, මිචල් ස්ටාක්, ග්ලෙන් මැක්ස්වල් සහ කැමරූන් ග්‍රීන් ඊයේ වන විටත් පෝට් ඔෆ් ස්පේන් නගරයට පැමිණ සිටියේ නැහැ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්