leader s

අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ලේ වැගිරීමක් සිදුකරන බව අඟවමින් නිකුත් වී තිබෙන බියකරු පෝස්ටරයක් නිසා හෙට ඇරඹෙන 2024
විස්සයි20 ලෝක කුසලාන තරගවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ බිය අලුත් වී තිබෙනවා.
 
85425663 13468033 image a 18 1716907508567උරහිසට උඩින් රයිෆල් තුවක්කුවක් තබා ගෙන සිටින හිස්වැස්මක් සහිත පුද්ගලයෙකුගේ ග්‍රැෆික් චිත්‍රයක් ISIS ත්‍රස්තවාදීන්ට හිතවත් ප්‍රචාරක ආයතනයක් විසින් නිකුත් කර තිබෙන අතර එහි මෙසේ ලියා තිබෙනවා: “උඹ තරග එනතෙක් බලා ඉන්නවා.” ඊට යටින් ලේ බින්දු වැටෙන රතු වර්ණයන් මෙසේ සටහන් කර තිබෙනවා: “අපි උඹ එනතෙක් බලා ඉන්නවා...”

You wait for the matches…And we wait for you…
 
මේ පෝස්ටරය නිකුත් කර තිබෙන්නේ ජූනි 9 වැනිදා නිව්යෝක් නුවර Nassau ක්‍රීඩාංගණයේදී ඉන්දියා හා පාකිස්තාන් පරම ප්‍රතිවාදීන් ක්‍රීඩා කරන තරගය සම්බන්ධයෙන්.
 
ap24130017415804මේ පෝස්ටරය නිකුත් කර තිබෙන්නේ ජූනි 9 වැනිදා නිව්යෝක් නුවර Nassau ක්‍රීඩාංගණයේදී ඉන්දියා හා පාකිස්තාන් පරම ප්‍රතිවාදීන් ක්‍රීඩා කරන තරගය සම්බන්ධයෙන්.
ක්‍රීඩාංගණයට ඉහළ අහසේ පියාසර කරන ඩ්‍රෝන යානා සහ ‘ටික්’ හඬ නගන ඔරලෝසුවක් සමග ඩයිනමයිට් කරලක රූප ද ඒ පෝස්ටර් චිත්‍රයට ඇතුළත්ව තිබෙනවා.

මේ අතර, ඉන්දියාව හා පාකිස්තානය අතර අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගයට ‘තනි වෘකයෙකුගේ ප්‍රහාරයක්’ එල්ල වීමට ඉඩ තිබෙන බව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙනවා.

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම ජනප්‍රිය මේ තරගය නිව්යෝක් නුවර ලෝං අයිලන්ඩ්හි Nassau ප්‍රාන්තයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 9 වැනිදා පැවැත්වීමටයි නියමිත.
 
usa t20kl2024 T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම ජනප්‍රිය මේ තරගය නිව්යෝක් නුවර ලෝං අයිලන්ඩ්හි Nassau ප්‍රාන්තයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (ජූනි 2) ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නගරයේ ආරක්ෂාව තර කර තිබෙන බව නිව්යොක් නගරයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ඊට අදාළව නිව්යෝක් නගරයේ පැවැත්වෙන ඉසව් සිය ප්‍රචණ්ඩත්වය හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට හොඳ අවස්ථාවක් ලෙස අන්තවාදීන් විසින් සලකනු ඇති බව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව පෙරේදා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
 
ලොව ප්‍රධානතම ක්‍රිකට් වේදිකාවක රඟ දැක්වෙන ඉන්දියා - පාකිස්තාන ජූනි 9 තරගය ගැන ISIS ත්‍රස්ත හිතවාදී ප්‍රචාරය විසින් විශේෂයෙන් සඳහන් කර තිබෙන බැවින් නිව්යෝක් ආරක්ෂක බලධාරීන්ගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමුව තිබෙනවා. මුළු මහත් ලෝක ක්‍රිකට් ප්‍රජාව පුල පුලා බලා සිටින මේ තරගය අතරතුර එල්ල විය හැකි ‘තනි වෘක’ ප්‍රහාරයකට නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් වන බව එරට වාර්තාවලින් පැවසෙනවා.
 
‘තනි වෘක ත්‍රස්තවාදය’ – Lone-wolf Terrorism - යනු රජයක හෝ ත්‍රස්තවාදී සංවිධානයක උපකාරයක් හෝ පෙලඹවීමක් නැතිව හුදෙකලාව ක්‍රියා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන පුද්ගලයෙකු හඳුන්වන වචනය යි.
 
ind pakලොව වැඩිම ක්‍රිකට් ලෝලීන් පිරිසක් නරඹන ක්‍රිකට් තරගය බවට මේ දෙපිල මුණගැසීම පත්ව තිබෙනවා
ISIS ත්‍රස්තවාදීන්ගේ තර්ජනයක් ලෝක කුසලාන තරගාවලියට හා විශේෂයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයට පසුගිය අප්‍රේල් මාසයේ ලැබුනු බව Nassau ප්‍රාන්ත පොලිස් කොමසාරිස්වරයා පවසනවා. එබැවින් මේ තරගාවලිය වෙනුවෙන් යොදවන ආරක්ෂක නිලධාරී සංඛ්‍යාව, සෝදිසිය හා පුද්ගල පරීක්ෂාව වැඩි කරන ලෙසට නිව්යෝක් පොලිසියට දන්වා ඇතැයි කොමසාරිස්වරයා සඳහන් කරනවා.
 
දේශපාලන මතභේද හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ද්විපාර්ශවීය ක්‍රිකට් තරගමාලාවන් ක්‍රීඩා නොකරන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයක් පැවැත්වෙන්නේ මෙවැනි ලෝක මට්ටමේ තරගාවලියන්හි පමණක් බැවින් ලොව වැඩිම ක්‍රිකට් ලෝලීන් පිරිසක් නරඹන ක්‍රිකට් තරගය බවට මේ දෙපිල මුණගැසීම පත්ව තිබෙනවා.
 
ජූනි 2 සිට 29 දක්වා පැවැත්වෙන T20 ලෝක කුසලාන 2024 තරගාවලියේ තරග අමෙරිකාවේ ක්‍රීඩාංගණ තුනක හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩාංගණ හයක ක්‍රීඩා කෙරෙනවා. අමෙරිකාවේ තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ නිව්යෝක්, ෆ්ලොරිඩා හා ටෙක්සාස්වල.
 


මේ අතර, තරගාවලිය සම්බන්ධයෙන් ත්‍රස්ත තර්ජනයක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ද ලැබී තිබෙන්නේ උතුරු පාකිස්තානයෙන්. මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ඊට අදාළ සියළුම ආරක්ෂ මෙහෙයුම් දියත් කරන බවට සහතිකයක් දී තිබෙනවා.
 
ක්‍රීඩා ඉසව්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සිදුකරන බවට දක්වමින් ඉස්ලාමීය ප්‍රාන්ත (IS) හිතවාදී මාධ්‍ය විසින් ත්‍රස්ත තර්ජන නිකුත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. විවිධ රටවල දියත් කළ ප්‍රහාරයන් මතුකර පෙන්වමින් තමන්ගේ රටවල යුද බිමට එක්වන ලෙසට ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින ඇෆ්ගනිස්තාන-පාකිස්තාන ශාඛාව - ISKhorasan (IS-K) විසින් නිකුත් කෙරුනු වීඩියෝ පණිඩුඩ ද මීට ඇතුළත්.
treat t20ghjලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තර්ජන
 
ඉස්ලාම් ප්‍රාන්ත හිතවාදී Daesh සංවිධානයේ මාධ්‍ය ආයතනය වන Nashir Pakistan හරහා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තර්ජන ලැබී තිබෙන බව කොදෙව් බලධාරීන් කියනවා.
 
ලෝක කුසලානයට එල්ල වී තිබෙන තර්ජනය සම්බන්ධයෙන් ආරක්ෂක ඒජන්සි අවදියෙන් සිටින බව ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ අගමැති කීත් රෝලි (Keith Rowley) පවසනවා. කැරිබියන් තරග පැවැත්වෙන්නේ Antigua and Barbuda, Guyana, Saint Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago යන දූපත්වල. අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බාබෙඩෝස් නගරයේ.
83986707 0 image a 34 1715004513495තරගාවලියේ සෑම දෙනාගේම ආරක්ෂාව තහවුරු කෙරෙන පරිපූර්ණ හා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක්
 
“අවාසනාවකට, නොයෙකුත් මුහුණුවරින් මතුවන ත්‍රස්තවාදයේ තර්ජනය 21 වැනි ශතවර්ෂ ලෝකයේ සැමදා තිබෙන අනතුරක්” බව රෝලි ප්‍රකාශ කරනවා.

තරගාවලියේ සෑම දෙනාගේම ආරක්ෂාව තහවුරු කෙරෙන පරිපූර්ණ හා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙන බැවින් තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳව කිසිම කෙනෙක් බිය නොවිය යුතු බව ජගත් ක්‍රිකට් කවුන්සලය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය අවධාරණය කරනවා.

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්