leader s

1986 මෙක්සිකෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය වන ඩිඒගෝ මැරඩෝනා ට
ලැබුනු ‘රත්තරං බෝලය’ – Golden Ball - කුසලානය අලෙවි කිරීම නතර කිරීමට මැරඩෝනාගේ උරුමක්කාරයන් ගත් නීතිමය උත්සාහය ප්‍රංශයේදී ව්‍යර්ථ වුනා.

ප්‍රංශ අගනුවර පුරාවස්තු ගනුදෙනු කරන්නෙකු විසින් සොයා ගැනීමට පෙර මේ කුසලානය දශක ගණනාවක් තිස්සේ අතුරුදන්ව තිබුනා.

මේ කුසලානය පැරිසියේ Aguttes වෙන්දේසි නිවසේදී ජූනි 6 වැනිදා විකිණීමට නියමිතව තිබෙනවා.
 
අතුරුදන්ව තිබූ මැරඩෝනාගේ 'රත්තරං බෝලය' වෙන්දේසියේ‘රත්තරං බෝලය’ – Golden Ball - කුසලානය අලෙවි කිරීම නතර කිරීමට මැරඩෝනාගේ උරුමක්කාරයන් ගත් නීතිමය උත්සාහය ප්‍රංශයේදී ව්‍යර්ථ වුනා.
 
මැරඩෝනාගේ පවුලේ අයට අනුව, 1986 නොවැම්බරයේ පැරිසියේ Lido Cabaret ශාලාවේදී ඔවුන්ගේ පියාට පිරිනැමුනු මේ කුසලානය ඊට තෙවසරකට පසුව ඉතාලියේ නේපල්ස් නගරයේ සිදුවූ බැංකු මංකොල්ලයකදී සොරකම් කර තිබෙනවා.
 
මැරඩෝනාගේ ජීවිත කාලය තුළ ඔහු මේ සොරකම පිළිබඳව දැමූ සාපරාධී නඩුවක කිසිම ලිපි ගොනුවක් මැරඩෝනාගේ උරුමක්කාරයන් විසින් ඉදිරිපත් කර නැතැයි පැරිස් උසාවියක් ඊයේ ප්‍රකාශ කළා.

මේ සොරකම පිළිබඳ සාක්ෂි මාධ්‍ය වාර්තා මත පමණක් පදනම් විය නොහැකි බව උසාවිය කියා සිටියා.
 
gold ballමිලියන ගණන් මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන මේ සිහිවටනය නියම වශයෙන් අයිති විය යුත්තේ ඔහුගේ උරුමක්කාරයන් පස් දෙනාට බවට තර්ක කළා.
 
හැට වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේදී මිය ගිය මැරඩෝනාගේ පවුල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, මිලියන ගණන් මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන මේ සිහිවටනය නියම වශයෙන් අයිති විය යුත්තේ ඔහුගේ උරුමක්කාරයන් පස් දෙනාට බවට තර්ක කළා. ඔවුන් බ්‍රහස්පතින්දා තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
judi n“අපි මේ කතා කරන්නේ පාපන්දු පුරාවෘත්තයකට පිරිනැමුනු කුසලානයක් ගැනයි. එය යා යුත්තේ ආජන්ටිනාවටයි” මැරඩෝනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආයතනය පවසනවා.
 
“අපි මේ කතා කරන්නේ පාපන්දු පුරාවෘත්තයකට පිරිනැමුනු කුසලානයක් ගැනයි. එය යා යුත්තේ ආජන්ටිනාවටයි” මැරඩෝනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආයතනය පවසනවා.

මේ කුසලානය සම්බන්ධයෙන් තිබෙන එක් කතාවක් වනුයේ කුසලානය පිරිනැමුනු සන්ධ්‍යාවේ මැරඩෝනා එය Lido ශාලාවේ අමතක කර දමා ගොස් ඇති බව යැයි වෙන්දේසි නිවහනේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්