leader s

අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ නැසෝ (Nassau) ප්‍රදේශයේ ජූනි 9 වැනිදා සිටිය හැකි වඩාත්ම ආරක්ෂිත ස්ථානය

එහි ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළත බවට පොලිසිය සහතික වනවා.

නැසෝ ප්‍රදේශයේ පොලිස් කොමසාරිස්වරයා එසේ ප්‍රකාශ කරන්නේ එදින එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියා - පාකිස්තාන T20 ලෝක කුසලාන තරගය වෙනුවෙන් දැඩි ආරක්ෂක මුරකාවල් යොදා ඇති බවට සහතික වෙමින්.


xzdgewrt
ඉස්ලාමීය ප්‍රාන්ත ත්‍රස්තවාදයට හිතවත් කණ්ඩායමක් වන ISIS-K විසින් මේ තරගය සඳහා කර තිබෙන තර්ජනයෙන් පසුව පොලිස් බලධාරීන් මේ ප්‍රකාශය සිදුකර තිබෙනවා.

“මට ඔබට මෙසේ සහතික විය හැකියි...ජූනි 9 වැනිදා නැසෝ ප්‍රදේශයේ සිටිය හැකි වැඩිම ආරක්ෂාව තියෙන ස්ථානය වන්නේ ක්‍රීඩාංගණය ඇතුළයි” නැසෝ පොලිස් කොමසාරිස් Patrick J Ryder ප්‍රකාශ කර තිබෙනවා. ඔහු CNN පුවත් සේවයට මෙසේ කියා තිබෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගය අරබයා අප්‍රේල් මාසයේ සිදු කළ ISIS-K තර්ජනය හා ඊටත් වඩා විශේෂිත වූ තර්ජන සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

නිව්යෝක් හි පළමු ආණ්ඩුකාරවරිය වන Kathy Hochul ද මේ සම්බන්ධයෙන් ඇගේ X ගිණුමේ සටහනක් තබමින් මෙසේ කියා තිබෙනවා: “ක්‍රිකට් ලෝක කුසලානයට සූදානම් වෙද්දී මගේ කණ්ඩායම, නරඹන්නන්‌ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ෆෙඩරල් හා දේශීය ආරක්ෂක බළධාරීන්  සමග කටයුතු කර තිබෙනවා. විශ්වාසනීය තර්ජනයක් මේ අවස්ථාවේ නැතත්, ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙසට මම නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. තරගය ළංවෙද්දී අපි දිගටම සෝදිසියෙන් ඉන්නවා.”

xfheruy45

සමාජ මාධ්‍යයේ බෙදා හැරෙන ප්‍රචාරයට ISIS හිතවාදී කල්ලිය විසින් ඉන්දු - පාකිස්තාන තරගය සම්බන්ධව Nassau ක්‍රීඩාංගණයේ නම ද සඳහන් කර නිකුත් කරන ලද පෝස්ටරයක් ද ඇතුළත්ව තිබෙනවා. එහි යටින් තිබෙන්නේ “You wait for the matches. And we wait for you” යන තර්ජනාත්මක සටහන යි.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්