leader s

ප්‍රංශයේ ජාතික කැරම් පෙඩරේෂණය විසින් වසරකට වරක් අන්තර් පලාත් අතර පවත්වන කැරම් ක්‍රීඩාවේ ශුරයන් තේරීමේ තරග

මාලාවකින් පසු පැවැති යුගල තරග වලින් සමන්විත තරඟ වටයන් කිහිපයක් පරදවා අවසාන තරඟයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එම ශුරතාවේ දෙවෙනි ස්ථානය දිනා ගනිමින් එයට හිමි ජයග්‍රාහී පදක්කම් දිනා ගැනීමට සමත් වූයේය.

ඒ අනුව ප්‍රංශයේ පැවැති කැරම් ශුරතාවයක් ජය ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයන් වීමේ ගෞරවය ද ඔවුන් වෙත හිමි වන්නේය

 2024 මැයි මස 25 හා 26 යන දෙදින තුල පැරීසියේ සිට කි:මී: 400 ක් පමණ ප්‍රංශයේ ඊසාන දිග පිහිටි නැන්සි (Nancy) නගරයේ පැවැත්වූ මෙම ශුරතාවේ අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ යුගල කන්ඩායම් 22ක් තරඟ වැදුනෝය. එහිදි යුගල තරඟ 6ක් ජය ගනිමින් අවසාන තරඟයට තේරී පත් වෙමින් මෙම ශුරතාවයන් සඳහා පැරීසිය ප්‍රධාන කොට ක්‍රියාත්මක වන පැරීසියේ ජාතික කැරම් සංගමය වෙනුවෙන් ඉදිරිපත්වූ ප්‍රංශයේ වෙසෙන අන්ජුල ප්‍රනාන්දු සහ මොහාන් ප්‍රනාන්දු එම ශුරතාවේ යුගල වශයෙන් පැවැත්වූ ඉසව්වේ දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේය.

ඊට අමතරව මෙම කැරම් ශුරතා තරඟ මාලාවෙන් පසු එම ක්‍රීඩාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔවුන් ලබා ගත් ලකුනු ගනනයෙන් පසු ලකුනු 13520 ක් ලබා ගත් අන්ජුල ප්‍රනාන්දු හා මොහාන් ප්‍රනාන්දු ප්‍රංශයේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමටද සමත්වී ඇත්තේය.

සටහන :
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

knhsdklf

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්