leader s

ආජන්ටිනාවේ බුවෙනොස් අයිරස් අගනුවරට යාබද සැන් ඉසීදිරො නුවර සාපරාධී නඩු අසන උසාවියක හෙට (4) ආරම්භ වීමට නියමිතව තිබූ

ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය වන ඩිඒගෝ මැරඩෝනාගේ සැකසහිත මරණයේ නඩු විභාගය ඔක්තෝබර් මස 1 වැනිදාට කල් දමා තිබෙනවා.

පුද්ගලයන් අට දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන මේ සාපරාධී නඩුවට සම්බන්ධ පාර්ශව සියල්ලෙන්ම ප්‍රශ්න ගණනාවක් මතුකර තිබීම සහ ඒ ගැටළු තවමත් නිරාකරණය කර නොතිබීම හේතුවෙන් නඩුව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. උසාවිය මේ තීරණය පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කළේ නැහැ.

 

230103210753 pba maradona1986 පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා

1986 පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා 60 වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේ නොවැම්බර් 25 වැනිදා හෘදයාබාධයකින් මිය ගියා. නමුත් මේ මරණය සිදුවූයේ සාපරාධී නොසැලකිල්ල නිසා බවට මැරඩෝනාගේ පවුලේ සාමාජිකයන් කියා සිටි බැවින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මැරඩෝනාගේ මරණය සිදුවී දින කිහිපයකට පසුව පරීක්ෂණයක් ආරම්භ කෙරුනා. ඒ පරීක්ෂණයෙන් පසුව වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු අට දෙනෙකුට එරෙහිව නඩු පැවරුනේ ඔවුන් මැරඩෝනාගේ මරණයට වගකිව යුතු බවට චෝදනා කරමින්. මැරඩෝනාගේ මොළයේ ලේ ගැලීමක් නතර කිරීම සඳහා සිදුකළ ශල්‍ය කර්මයකින් පසුව මේ පිරිස මැරඩෝනා ට ප්‍රතිකාර කර තිබෙන්නේ පිළිගත් රෝහලකදී නොව කුලී නිවසක ඔහු රඳවා ගෙන.



මැරඩෝනා ට කළ ප්‍රතිකාරවල කිසිම වැරැද්දක් හෝ අක්‍රමිකතාවක් සිදුවූ බවක් මේ විත්තිකරුවන් පිළිගන්නේ නැහැ.

 

9587fcca3cfa36ddb1e0a4524b1086ec නඩු විභාගයේදී සාක්කිකරුවන් 200කට වැඩි පිරිසක් කතා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මැරඩෝනාගේ දියණියන් හා මැරඩෝනාගේ හිටපු බිරින්දෑවරු කිහිප දෙනෙක් ද මීට ඇතුළත්.

නඩුව කල් දැමීමට හේතු වූ තවමත් පිළිතුරක් ලැබී නැති ගැටළු අතර ප්‍රධාන තැනක් ගන්නේ මේ නඩුව ඇසෙන්නේ උසාවියේ මහේස්ත්‍රාත්වරුන් තිදෙනෙකු ඉදිරියේද එසේත් නැත්නම් චෝදනා ලැබ සිටින එක් හෙදියකගේ ඉල්ලීමට අනුව ජනප්‍රිය ජූරියක් ඉදියේද යන කාරණය යි. මේ නඩු විභාගයේදී සාක්කිකරුවන් 200කට වැඩි පිරිසක් කතා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මැරඩෝනාගේ දියණියන් හා මැරඩෝනාගේ හිටපු බිරින්දෑවරු කිහිප දෙනෙක් ද මීට ඇතුළත්.

හෘදයවස්තුවේ ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් පරිදි සිදු නොවීමෙන් පීඩා විඳි මැරඩෝනා පැය 12ක් දක්වා කාලයක් වේදනාවෙන් පෙලෙමින් සිටි බව වෛද්‍ය වාර්තාවක දැක්වෙනවා. ඔහු‌‌ගේ රෝගී තත්ත්වයේ සිටි කෙනෙකුට ලැබිය යුතු පිළිගත හැකි ප්‍රමාණවත් ප්‍රතිකාර මැරඩෝනා ට නොලැබුනු බව එම වාර්තාවේ සඳහන් වනවා. මැරඩෝනාව නියමාකාරයෙන් රෝහල්ගත කළා නම් ඔහු අදටත් ජීවතුන් අතර සිටින බවට එම වාර්තාවෙන් වැඩිදුරටත් කියා තිබෙනවා.


ඒ අනුව මැරඩෝනාගේ වෛද්‍ය කණ්ඩායමේ අට දෙනෙකුට එරෙහිව නඩු පැවරුනේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ.

 

maradonaමැරඩෝනාව නියමාකාරයෙන් රෝහල්ගත කළා නම් ඔහු අදටත් ජීවතුන් අතර

මැරඩෝනා ට නියමාකාරයෙන් ප්‍රතිකාර කිරීමට අසමත් වූ බවට ස්නායු ශල්‍ය වෛද්‍ය Leopoldo Luque හා මනෝචිකිත්සක Agustina Cosachov චෝදනා ලැබ සිටින අතර චෝදනාවට ලක්ව සිටින මැරඩෝනාගේ වෛද්‍ය කණ්ඩායමේ සෙසු පුද්ගලයන් වන්නේ මනෝවිද්‍යාඥ Carlos Diaz, වෛද්‍යවරුන් වන Nancy Forlini හා Pedro Di Spagna, සාත්තු සම්බන්ධීකරණ නිලධාරී Mariano Perroni සහ හෙද කාර්ය මණ්ඩලයේ Ricardo Almiron හා Dahiana Madrid.


මොළයේ සිදු කෙරුනු ශල්‍යකර්මයකින් සති දෙකකට පසුව ඩිඒගෝ මැරඩෝනා මිය ගියේ ස්වාභාවික හේතුන් මත බවටයි ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙන්නුම් කෙරුනේ.

 

agustina cosachov 1195897මනෝචිකිත්සක Agustina Cosachov

සටහන :

warnan Gunasekara

 

 

 

 

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්