leader s

කොටියා - The Tiger - යනුවෙන් නම පටබැඳුනු නේපාලයේ 24 හැවිරිදි පොලිස්කාරයෙකු වන ඩිපෙන්ද්‍රා සිං එරී (Dipendra Singh Airee)

තමන් සතු වාර්තා බිඳ දැමීමේ පිතිහරඹ දක්ෂතාවන් මගින් තම රට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා.

පසුගිය සැප්තැම්බරයේදී මොන්ගෝලියාව ට එරෙහිව නේපාලය ලබා ගත් ලකුණු 273ක දැවැන්ත ජයග්‍රහණය මෙතෙක් පවත්වා තිබෙන සියළුම විස්සයි20 තරගවල වාර්තා වූ වැඩිම ලකුණු පරතරය යි. ඒ ජයග්‍රහණයේ ඩිපෙන්ද්‍රාගේ විස්මයජනක කාර්යයට පන්දු 9කින් පමණක් ලබා ගත් වේගවත්ම T20 අර්ධ ශතකය ද ඇතුළත් වුනා.

 

KANDY, SRI LANKA - SEPTEMBER 4:  Dipendra Singh Airee of Nepal bats during the Asia Cup Group A match between India and Nepal at Pallekele International Cricket Stadium on September 4, 2023 in Kandy, Sri Lanka. (Photo by Surjeet Yadav/Getty Images)ඒ ජයග්‍රහණයේ ඩිපෙන්ද්‍රාගේ විස්මයජනක කාර්යයට පන්දු 9කින් පමණක් ලබා ගත් වේගවත්ම T20 අර්ධ ශතකය ද ඇතුළත් වුනා.

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී මේ පිතිකරුවා මොන්ගෝලියානු කණ්ඩායමට එරෙහිව මුහුණ දුන් පළමු පන්දු හය ට ම හයේ පහරක් බැගින් එල්ල කරමින් මීට පෙර තිබූ පන්දු 12ක වේගවත්ම අර්ධ ශතක වාර්තාව මකා දැමීමට සමත් වුනා. අවසානයේ ඔහුගේ පන්දු 10කින් ලකුණු 52ක නොදැවුනු ඉනිමට හයේ පහර 8ක් ඇතුළත්ව තිබුනා. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 2007 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ යුව්රාජ් සිං එංගලන්තය ට එරෙහිව පන්දු 12කින් රැස් කළ වේගවත්ම අර්ධ ශතක වාර්තාව. 

අනතුරුව අප්‍රේල් මාසයේ කටාර් දේශයට එරෙහිව ඩිපෙන්ද්‍රා, විස්සයි20 ජාත්‍යන්තර තරගයක එක් ඔ්වරයකදී හයේ පහර 6ක් එල්ල කළ තෙවැනි පිතිකරුවා බවට පත්වුනා.

 



සුවිශේෂ පන්දු රකින්නකු ලෙස ද මේ ක්‍රීඩකයා ඔහුගේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ දර්ශනීය අයුරින් උඩ පන්දු රැක ගනිමින් හා පිතිකරුවන් දුවද්දී දැවී යාමට හසුකර ගනිමින්. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තමාගේ හිමාල කඳු රට ට ආඩම්බරයක් ගෙන ඒමට මේ ක්‍රීඩකයා බලාපොරොත්තු වනවා.

“නේපාල් කණ්ඩායම ජයග්‍රහණය කරවන්න මට කළ හැකි සියළු දේ මම කරනවා” යනුවෙන් ඩිපෙන්ද්‍රා සිං පවසනවා. “ඔවුන් මට කතා කරන්නේ ‘කොටියා’ කියලයි. එයින් මාව තවත් පොලඹවනවා. එයින් මගේ සියයට 110ක ක්‍රීඩාවක් කරන්න මා තුළ අවශ්‍යතාවක් ඇති කරනවා.”

නේපාලය 2024 T20 ලෝක කුසලාන තරගාවලියට පැමිණ සිටින්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 17 ස්ථානයේ පසුවෙමින්. නමුත් සියල්ල වෙනස් කිරීමේ‌ හැකියාව ඩිපෙන්ද්‍රා ට තිබෙන බව නේපාලයේ ප්‍රධාන තේරීම් නිලධාරී ඩිපෙන්ද්‍රා චෝදරි (Dipendra Chaudhary) ප්‍රකාශ කරනවා.

 

dipendra singh airee 1“ඔවුන් මට කතා කරන්නේ ‘කොටියා’ කියලයි. එයින් මාව තවත් පොලඹවනවා. එයින් මගේ සියයට 110ක ක්‍රීඩාවක් කරන්න මා තුළ අවශ්‍යතාවක් ඇති කරනවා.”
“ඔහුගේ පිට-දඟ පන්දු යැවීම ඒ ආකාරයේ තිබෙන හොඳම පන්දු යැවීමක්. ඔහුගේ ශරීර සෞඛ්‍යය, ක්‍රීඩා ප්‍රතිපත්ති හා කණ්ඩායම් ජීවය කැපී පෙනෙනවා. අපි කවදා හරි ආපසු හැරී බලන විට, ඩිපෙන්ද්‍රා සිං නේපාල් ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයෙක් ලෙස සලකනු පෙනේවි” චෝදරි කියනවා. “ඔහුට ලොකු සහජ කුසලතාවක් තියෙනවා. වෙහෙස වී වැඩ කරනවා. ඔහු, ඔහුගේ ක්‍රීඩා දිවිය ඇරඹුවේ මඳ වේග පන්දු යවන්නෙක් විදියට. පිතිකරුවෙක් හා දැන් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට ඔහු පත්වුනේ ඉන්පසුව යි.”

ලෝක කුසලාන තරගාවලියට යාමට හැකිවීම ගැන ඩිපෙන්ද්‍රා ට තිබෙන්නේ අප්‍රමාණ සතුටක්. පසුගිය ලෝක කුසලාන තරගාවලිය ඔහු නරඹා තිබෙන්නේ නේපාලයේ වෙළද පොලක සවිකර තිබූ දැවැන්ත රූපවාහිනී තිරයකින්.

“අපි සුදුසුකම් ලැබුවම මම මගේ හද පත්ලෙන්ම ඇඬුවා” ඔහු කියනවා.

dip nepalඉතාමත් නිරහංකාර පුද්ගලයෙකු වන ඩිපෙන්ද්‍රා සිං එරී කතා කරන්නේ හරිම අඩුවෙන්.

 

නිහතමානී සහ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට ලජ්ජාවක් දක්වන පුද්ගලයෙකු වන ඩිපෙන්ද්‍රා ප්‍රථම වතාවට ක්‍රීඩා කළේ 2016 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන තරගාවලියේ. ළබාල වියේ පටන් ම ඔහු නේපාල් ක්‍රිකට් ක්‍රමවේදයේ අවධානයට ලක්වුනා.

ඉතාමත් නිරහංකාර පුද්ගලයෙකු වන ඩිපෙන්ද්‍රා සිං එරී කතා කරන්නේ හරිම අඩුවෙන්. ඔහු වැඩි හරියක් කාලය ගත කරන්නේ ක්‍රීඩා පිටියේ. මේ පොලිස්කාරයාට තිබෙන්නේ ස්වභාවයෙන්ම පිහිටි කුලෑටි හැසිරීමක්.

 

warnan Gunasekara

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්