leader s

ෆිජි දූපත් අගමැති සිචිවේනි රම්බූකා (Sitiveni Rabuka) යගුලිය දැමීම ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

රටවල් 14ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ඕෂනියා මලල ක්‍රීඩා ශූරතාවලියේදී - Oceania Athletics Championships - රම්බූකා මේ දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ තමන්ගේ අතීත ක්‍රීඩා දිවියේ ශක්තිය තවමත් තමා තුළ ඉතිරිව තිබෙන බවට තහවුරු කරමින්.


රට කරවන රාජකාරි මොහොතකට පසෙකට තැබූ 75 හැවිරිදි අගමැතිවරයා තරගාවලියේ අවුරුදු 65 ට වැඩි වයස් ඛාණ්ඩයේ තරග වදිමින් මීටර් 7.09ක් දුරට යගුලිය විසි කළා. ඔහුගේ හොඳම උත්සාහය විසින් ඔහුව ඒ වයස් ඛාණ්ඩයේ සමස්ත ප්‍රතිඵලවල අට වැනි ස්ථානයට පත් කළ ද අවුරුදු 75-79 උප වයස් ඛාණ්ඩයේ සිවු දෙනෙකු අතරින් තෙවැනි ස්ථානයට පත්වීමට ඒ දක්ෂතාව ප්‍රමාණවත් වුනා.

 

f3c3adc4107fbbbbf2310856d0ea2253අගමැතිවරයා තරගාවලියේ අවුරුදු 65 ට වැඩි වයස් ඛාණ්ඩයේ තරග වදිමින් මීටර් 7.09ක් දුරට යගුලිය විසි කළා

“ඇත්ත වශයෙන්ම මෙය මගේ චිත්ත ධෛර්යය වැඩි කිරීමක්. වයස අවුරුදු 75දීත්, මට උවමනා කරන්නේ මනා ශරීර යෝග්‍යතාවෙන් හා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින ලෙසට තරුණ පරපුර පොළඹවන්නයි” රම්බූකා ලෝකඩ ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කළා.

“මම තරගාවලියේ ක්‍රීඩා කරද්දී පසෙක සිට බලා සිටි මගේ බිරිඳ, මගේ මුනුපුරු මිනිපිරියන් හා ඔවුන්ගේ දරුවන්ගෙන් සහයෝගය ලැබීම ගැන මට හරි සතුටුයි.”

 

sitiveni rabuka spearheads වයස අවුරුදු 75දීත්, මට උවමනා කරන්නේ මනා ශරීර යෝග්‍යතාවෙන් හා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින ලෙසට තරුණ පරපුර පොළඹවන්නයි

ඊට කළින්, අවුරුදු 75 ට වැඩි වයස් ඛාණ්ඩයේ කවපෙත්ත විසිකිරීම ඉසව්වේ හය වැනි ස්ථානයට පත්වෙමින් රම්බූකා ෆිජි අගනුවර සීවා හි පැවැත්වෙන මේ ඔ්ෂනියා මලල ක්‍රීඩා ශූරතාවලියේ තවත් පදක්කමක් දිනා ගැනීමේ ආසන්නයටම පැමිණියා.

ක්‍රීඩාවේ සාර්ථකත්වය රම්බූකා ට අලුත් දෙයක් නෙවෙයි. 1974 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දශ-ප්‍රයාම ඉසව්වේ ෆිජි දූපත් නියෝජනය කළ මේ දේශපාලනඥයා රට වෙනුවෙන් රග්බි ක්‍රීඩාව ද කර තිබෙනවා.

 

Colonel Sitiveni Rabuka at the annual feast near Suva, held at the Nasinu army barracks, during which Fijian military officials celebrate the end of military training with a ceremony. In April 1987, Rabuka became a hero when he overthrew Fiji's first Indian dominated government in order to install an indigenous Fijian ruling class. | Location: Near Suva, Fiji.  (Photo by Jacques Langevin/Sygma/Sygma via Getty Images)1992 සිට 1999 දක්වා වසර හතක් අගමැති ලෙස කටයුතු කළේ හමුදාවේ සේවය කිරීමෙන් පසුව

සාර්ථක සන්ධාන රජයක් මෙහෙයවන Peoples Alliance පක්ෂයේ මේ නායකයා ෆිජි අගමැති ලෙස තෝරා පත්කර ගැනුනේ 2022 වසරේ. ඔහු මීට කළින් 1992 සිට 1999 දක්වා වසර හතක් අගමැති ලෙස කටයුතු කළේ හමුදාවේ සේවය කිරීමෙන් පසුව.


2018 වසරේදී දේශපාලනයෙන් ලැබූ මඳ විරාමයකදී, සිචිවේනි රම්බූකා පැසිෆික් දූපත් රග්බි කණ්ඩායමේ යුරෝපීය සංචාරයේදී ඔවුන්ගේ කළමනාකරු ලෙස කටයුතු කළා.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්