leader s

අමෙරිකාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් බොහොමයකට මුහුණ දීමට සිදුවන

අසීරුතාවක් වන්නේ ඔවුන් නැවතී සිටින හෝටල හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අතර තිබෙන දුර ප්‍රමාණය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව මේ කාරණය සම්බන්ධයෙන් සැලකිල්ල දැනටමත් යොමු කර තිබෙන අතර පාකිස්තාන කණ්ඩායම නැවතී සිටි ඩලස් නුවර හෝටලය වෙනස් කර තිබෙනවා. 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට වෙනත් හෝටලයක් ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෝසින් නක්වි (Mohsin Naqvi) මැදිහත් වීමෙන් පසුව. පාකිස්තාන කණ්ඩායමට නවාතැන් ලබා දී ඇති ස්ථානයේ සිට කණ්ඩායමේ තරග හා පුහුණුව පැවැත්වෙන Grand Prairie ක්‍රීඩාංගණය අතර තිබෙන ඉතා වැඩි දුර ප්‍රමාණය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ජගත් ක්‍රිකට් කවුන්සලයට (ICC) පැමිණිලි කර තිබෙනවා. කණ්ඩායමට ලැබී තිබෙන හෝටල පහසුකම් පිළිබඳ සභාපතිවරයා ඔහුගේ අසතුට ප්‍රකාශ කිරීමෙන් පසුව සංවිධායකයින් විසින් පාකිස්තාන කණ්ඩායමට වෙනත් හෝටලයක් ලබා දී තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම මුලින් නැවතී සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යාම පිණිස පැය එකහමාරක කාලයක් ගත වන අතර අලුත් හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යාමට ගතවන්නේ මිනිත්තු පහක් පමණ යි.

නිව්යෝක් හි ජූනි 9 සහ ජූනි 11 පැවැත්වීමට නියමිත තරග ඇතුළුව කිසිම T20 ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් තම කණ්ඩායමට වැඩි දුර ප්‍රමාණයක් ගමන් කිරීමට තමා ඉඩ නොදෙන බවට මෝසින් ICCයට අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා.

sfasd4324s
පාකිස්තාන කණ්ඩායමේ හෝටලය වෙනස් නොකරන්නේ නම් තමා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ වියදමෙන් කණ්ඩායම ඔවුන්ට වඩාත් පහසු ස්ථානයකට ගෙන යන බව පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ICCයට පැහැදිලිව කියා තිබෙනවා.

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තමාගේ වගකීමක් බවත් කොතරම් මුදලක් වැය වුනත් කණ්ඩායමට හොඳ පහසුකම් ලැබෙන බවට තමා සහතික වන බවත් මෝසින් ICCයට අවධාරණය කර තිබෙනවා.

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම නිව්යෝක් තරග පැවැත්වෙන Nassau ක්‍රීඩාංගණයට මිනිත්තු 10ක පමණක් දුරින් නැවතී සිටියදී අනෙක් කණ්ඩායම් නතර වී සිටින හෝටල පිහිටා තිබෙන්නේ ක්‍රීඩාංගණයට ඒමට පැයකට වඩා වැඩි කාලයක් ගතවන දුරින් බවට වාර්තා වනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්