leader s

අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරග සඳහා පාවිච්චි කරන තණතීරු ප්‍රමිතියට අනුකූල නොවන බවත්

තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඒවාට පිළියම් කිරීමට ක්‍රීඩාංගණ සේවක මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පවසනවා.

තාවකාලික Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ දක්වා තරග දෙකක් පවත්වා තිබෙන අතර ඒ තරග දෙකේදී ම වාර්තා වූයේ අඩු ලකුණු සංඛ්‍යාවන්. පිටතින් රැගෙන විත් සිටුවන ලද තණතීරුවේ පන්දුවේ චලනය හා බවුන්ස් වීම හේතුවෙන් පිතිකරණය ඉතාමත් අසීරු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනුයි මෙසේ අඩු ලකුණු ප්‍රමාණයන් වාර්තා වී තිබෙන්නේ.

 

tevxytyonxrsx90jpnqqNassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ලකුණු ලබා ගැනීමේ වේග රිද්මයක් බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩා ලෝලීන් කනස්සල්ලට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව ට එරෙහිව මුළු ලකුණු 77කට දැවී ගියේ ඔවුන්ගේ අඩු ම මුඵ ලකුණු වාර්තා කරමින්. අනෙක් තරගයේදී ඉන්දියාව ලකුණු 96කට අයර්ලන්තය දවාලුවා.

“නසවු ක්‍රීඩාංගණයේ මේ දක්වා පැවති තරගවල භාවිතා කෙරුනු තණතීරු අපි සියළු දෙනාටම උවමනා වූ පරිදි නොවෙනස්ව ක්‍රීඩා කර නැති බවට T20 ලෝක කුසලාන සංවිධායකයින් හා ජගත් ක්‍රිකට් කවුන්සලයට පෙනී ගොස් තිබෙනවා” යැයි  ICCය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

 

110775307“ලෝක මට්ටමේ සිටින ක්‍රීඩාංගණ සකස් කිරීමේ කණ්ඩායම දැන් මේ තත්ත්වයට පිළියම් යොදමින්, සකස් කළ හැකි උපරිම සුදුසු තත්ත්වයේ තණතීරු ඉදිරි තරග සඳහා ලබා දීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා.”

“ලෝක මට්ටමේ සිටින ක්‍රීඩාංගණ සකස් කිරීමේ කණ්ඩායම දැන් මේ තත්ත්වයට පිළියම් යොදමින්, සකස් කළ හැකි උපරිම සුදුසු තත්ත්වයේ තණතීරු ඉදිරි තරග සඳහා ලබා දීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා.”

ඉරිදා ට නියමිත ඉන්දියා - පාකිස්තාන තරගය ඇතුළුව තවත් තරග හයක් මේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ ක්‍රීඩාංගණයේදී පෙරහුරු තරගයක් ද ඉන්දියාව ක්‍රීඩා කර තිබෙන අතර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු Vikram Rathour එය හඳුන්වන්නේ ‘අභියෝගාත්මක තණතීරුවක්’ ලෙස.

 

cricketerVikram Rathour

“ඒ තණතීරුවේ හැටි එහෙමයි. ඒ සමග ගනුදෙනු කළ හැකි ක්‍රමයක් අපි සොයා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය දක්ෂතාව හා පළපුරුද්ද ප්‍රමාණවත් පරිදි ඉන්දියා කණ්ඩායමට තියෙන බව මම සිතනවා” යැයි ඔහු කියනවා.

මේ තණතීරුව ‘අනතුරුදායකයි’ යනුවෙන් විශාරදයින් විසින් හංවඩු ගැසීමෙන් පසුව අයර්ලන්ත පුහුණුකරු Heinrich Malan කීවේ තණතීරුව අපේක්ෂාවන්ට සරිලන එකක් නොවන බව.

ඉන්දියාව ‘ඒ’ කොටසේ තරගය කඩුලු අටකින් අජයග්‍රහණය කළේ අයර්ලන්තය ලකුණු 96කට දවාලීමෙන් පසුව.

 

hqdefault 1අයර්ලන්ත පුහුණුකරු Heinrich Malan

“ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඉතාම හොඳ තණතීරුවක් අවශ්‍යයි. අවාසනාවකට අපි පසුගිය තරග දෙකේ දුටුවේ එය ඒ තත්ත්වයේ  නැති බව. අපට ඕන හොඳ ක්‍රිකට් තරගයක් දැක ගන්නයි. මේ තරගාවලියේ මුදුන් අරමුණ එයයි. හැමවිටම මුළු ලකුණු සංඛ්‍යාව 200ක් වීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ දෙපිලටම එක සමාන තරගයක්” යනුවෙන් අයර්ලන්ත පුහුණුකරුවා සඳහන් කරනවා.


තණතීරුව නියම ප්‍රමිතියට නැති බව හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක සහ එංගලන්ත කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂ ඇන්ඩි ෆ්ලවර් පවසනවා.

“ජාත්‍යන්තර තරගයක් පවත්වන්න තරම් ඒ තණතීරුව සුදුසු නැහැ. එය අනතුරුදායක තණතීරුවක්” යැයි ඔහු ප්‍රකාශ කරනවා.

“පන්දුව අසාමාන්‍ය උසකට බවුන්ස් වෙමින් පිතිකරුවන්ගේ මහපට ඇඟිල්ලේ, අත් ආවරණවල, හිස් ආවරණයේ වැදෙමින් සෑම පිතිකරුවෙකුගේ ම ක්‍රීඩාව ඉතාමත් අපහසු කරනවා!”

 

amdyඇන්ඩි ෆ්ලවර්


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්