leader s

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දෙවතාවක් ලකුණු 100කට වැඩි පරතරයකින් ජයග්‍රහණ වාර්තා කළ ලොව දෙවැනි කණ්ඩායම

බවට ඇෆ්ගනිස්තානය වාර්තා පොතට ඇතුළත්ව සිටිනවා.

ඒ, උගන්ඩාව ලකුණු 125කින් පරාජය කරමින් ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ 2024 T20 ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කිරීමත් සමග.

dfg45
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 5කට ලකුණු 183ක් රැස් කිරීමෙන් පසුව උගන්ඩාව ලකුණු 58කට දවාලුවා.

මීට පෙර, 2021 වසරේදී ඇෆ්ගනිස්තානය ලකුණු 190කින් ස්කොට්ලන්තය පරාජය කිරීමට සමත් වුනා.

ZDFS4E5
ඇෆ්ගනිස්තානය ට අමතරව, දකුණු අප්‍රිකාව ද ලෝක කුසලාන තරගාවලියේදී තරග දෙකක් 100කට වැඩි ලකුණු පරතරයකින් ජය ගෙන තිබෙනවා. ඔවුන් එසේ පරාජය කළේ පිළිවෙලින් ස්කොට්ලන්තය (2009) හා බංග්ලාදේශය (2022) යි.

T20 ලෝක කුසලාන තරගවලදී ලකුණු 100කට වැඩි ජයග්‍රහණ වාර්තා කර තිබෙන්නේ කණ්ඩායම් හතරක් පමණයි.

දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්තානය ට අමතරව මේ හපන්කම පෑ අනෙකුත් කණ්ඩායම් වනුයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය යි. ශ්‍රී ලංකාව 2007 වසරේදී කෙන්යාව ද,  එංගලන්තය 2012 වසරේදී ඇෆ්ගනිස්තානය ද සියයකට වැඩි ලකුණු පරතරයකින් පරාජය කළා.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්