ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග දකුණු කොරියාවේදී අද රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

 

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී - Asian Throwing Champioships - රුමේෂ් රන් පදක්කම දිනා ගෙන තිබෙන්නේ මීටර් 85.45ක් දුරට හෙල්ල විසි කරමින්.

 

Athletics 5රුමේෂ් රන් පදක්කම දිනා ගෙන තිබෙන්නේ මීටර් 85.45ක් දුරට හෙල්ල විසි කරමින්.

ඔහුගේ මේ දක්ෂතාව වඩාත් වර්ණවත් වන්නේ එය මේ තරගාවලියේ නව වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වන බැවින්.

 

රුමේෂ් තරංග මේ තරගාවලියේ නව වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වන බැවින්.

රුමේෂ් තරංගගේ මේ හපන්කම වාර්තා වන්නේ ඔහුගේ පළමු ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර ශූරතාවලියේ වීම විශේෂත්වයක්.

Athletics 4දකුණු කොරියානු තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයා වන සුමේධ රණසිංහ

 

දකුණු කොරියානු තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයා වන සුමේධ රණසිංහ මීටර් 77.57ක් සටහන් කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. මෙය මේ ක්‍රීඩා වාරයේ ඔහුගෙන් වාර්තා වූ හොඳම දක්ෂතාව යි. මේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 78.10ක් දුර හෙල්ල විසිකළ පාකිස්තානයේ එම්. යසිර්.

 

Nadeesha Lekamgeනදීෂා දිල්හානි ලේකම්ගේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීම

කාන්තා හෙල්ල විසිකිරීමේදී ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුනා. මෙහිදී ඇය මීටර් 57.94ක් වාර්තා කර තිබෙන්නේ මේ ක්‍රීඩා වාරයේ ඇයගේ හොඳම දක්ෂතාව ලෙසින්. මේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ අනෙක් ක්‍රීඩිකාව වන ඩයනා හර්ෂනී ට මේ ඉසව්වේ ලැබුනේ 7 වැනි ස්ථානය වූව ද ඇය හෙල්ල විසිකළ මීටර් 48.46ක දුර මේ ක්‍රීඩා වාරය තුළ ඇගෙන් වාර්තා වූ හොඳම දක්ෂතාව යි.



අද කොරියාවේ පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලිය ඇතුළු මහාද්වීප තුනක පැවැත්වෙන තරගාවලියන් ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තුනක් මේ දිනවල සහභාගි වෙමින් සිටිනවා.

 

Athletics 1මහාද්වීප තුනක පැවැත්වෙන තරගාවලියන් ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තුනක් මේ දිනවල සහභාගි වෙමින් සිටිනවා.

බහමාස් හි හෙට (16) පැවැත්වෙන උතුරු අමෙරිකානු හා කැරිබියන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී අරුණ දර්ශන මීටර් 400 ඉසව්වේ තරග වැදීමට නියමිතව සිටිනවා.

ලෝක මලල ක්‍රීඩා ආයතනයේ ‘බී’ ශ්‍රේණියේ (රිදී ලේබලය) ශූරතාවලියක් වන මෙය අරුණ දර්ශනට බොහෝ වැදගත් වන්නේ ඔහු වර්තමානයේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමට ළඟා වී සිටින බැවින්. ලොව නන් දෙසින් ක්‍රීඩකයින් 48 දෙනෙක් මේ ඉසව්වට සහභාගි වීමට නියමිතයි.

 

Athletics 2ලෝක මලල ක්‍රීඩා ආයතනයේ ‘බී’ ශ්‍රේණියේ (රිදී ලේබලය) ශූරතාවලියක් වන මෙය අරුණ දර්ශනට බොහෝ වැදගත්

 

ජූනි 18 වැනිදා ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ පැවැත්වෙන ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වේ ද, කාලිංග කුමාර පිරිමි මීටර් 400 ඉසව්වේ ද ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ලෝක මලල ක්‍රීඩා ‘සී’ ශ්‍රේණියේ (ලෝකඩ ලේබලය) තරගයක් වන මෙය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන මේ දෙදෙනා ට ම ඉතා වැදගත්.



සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්